
හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රයට තරුණ පුහුණු ශ්‍රමිකයින් පිරිසක්
හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රයට තරුණ පුහුණු ශ්‍රමිකයින් පිරිසක්
මධ්‍යම පළාතේ සංචාරක ආකර්ෂණය ඇති ස්ථාන වැඩිදියුණු කිරිමටත් ඒ තුළින් දේශිය හා විදේශිය සංචාරකයින් සදහා අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරිමටත්, මහනුවර කේන්ද්‍ර කරගෙන විශේෂ සංචාරක පුරවරයක් ලෙස දියුණු කිරිමට අවශ්‍ය වැඩපිළිවෙල රජය විසින් මේ වන විටත් සැලසුම් සකස් කරමින් ක්‍රියාවට නංවා ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පැවසීය. මධ්‍යම පළාතේ සභාවේ කලාපිය ආර්ථික සංවර්ධන ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබන මාතලේ හෝටල් පාසල් සංචාරක පාසලේ පාඨමාලා සාර්ථකව හදාරා අවසන් කළ සිසු සිසුවියන් සදහා සහතිකපත් ප්‍රදානෝත්සවය පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී (23) මෙම අදහස් පළ කළේය. මෙහිදි හෝටල් මෙහෙයුම්කරණය සහ පේස්ට්‍රි හා බේකරි පාඨමාලාවන් හැදැරු සිසු සිසුවියන් 160 දෙනෙකු සදහා මෙහිදි සහතික පත් ප්‍රදානය සිදු කෙරුණි.මෙහිදි තවදුරටත් අදහස් දැක්වු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා, මධ්‍යම පළාතේ දු දරුවන් දැනුමින් පිරි පිරිසක් බවට පත් කිරිමට හැකියාව ලැබිම තුළින් සංචාරක කර්මාන්තය සදහා පුහුණු ශ්‍රමිකයින් සංචාරක හෝටල් ආශ්‍රිත රැකියාවන් සදහා යොමු කිරිම තුළින් ව්‍යවසායකයින් බවට පත් කිරිමට හැකි බවත් පළාතේ ආනගතය සදහා මෙය කදිම ආයෝජනයක් බවද පැවසීය. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිම සදහා භාණ්ඩ අපනයන ආදායම,විදේශ ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ආදායම සහ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම මහත් පිටිවහලක් වි ඇති බවත් පසුගිය වසර කිහිපය තුළ රටේ ඇතිවු විවිධ අර්බුදකාරි තත්වයන් හමුවේ මේ සියල්ල අඩපණ වු බවත් වත්මන් ජනපතිවරයා ඇතුලු රජය ගෙන යන වැඩපිළිවෙල නිසා රටේ ආර්ථිකය යහපත් තත්වයකට හැරෙමින් පවතින බවත් ඒ සදහා සංචාරක කර්මාන්තය තුළින්ද සුවිශේෂි කාර්යභාරයක් සිදු වන බවද ආණ්ඩුකාරවරයා සදහන්කළේය.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත්,පළාත් කර්මාන්ත අමාත්‍යංශ ලේකම් චරිතා ඉලංගකෝන්, ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ජේ.වි.බි සකලසුරිය,පළාත් සංචාරක අධ්‍යක්ෂ එම්.යු නිශාන්ත,මාතලේ හෝටල් සහ සංචාරක පාසලේ විදුහල්පති නිමල් කරුණාරත්න යන මහත්ම මහත්මින් ඇතුලු පුහුණුලාභින් දෙමාපියන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.