මිගම්මන, ටැම්පිට රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැරට රාජ්‍ය අනුග්‍රහය

මිගම්මන, ටැම්පිට රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැරට රාජ්‍ය අනුග්‍රහය

මිගම්මන, ටැම්පිට රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැරට රාජ්‍ය අනුග්‍රහය මහනුවර පාතදුම්බර, මිගම්මන, ටැම්පිට රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර සදහා දායකත්වය සදහා රාජ්‍ය අනුග්‍රහය ලබා දිමේ නිල සංදේශය ලබා දිමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (23) දින මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි පැවැත්විණි.පාතදුම්බර ප්‍රදේශයේ ඉපැරැණි රජමහා විහාර අතර ටැම්පිට විහාරයක් ලෙස ඉතා දර්ශනීය පුදබිමක් වන මීගම්මන රාජමහා විහාරය මහනුවර රජකම් කළ සෙනරත් රජතුමන් විසින් මෙම විහාරයේ සමාරම්භය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඇති අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කොට ඇති බව ඉතිහාසයේ දැක්වෙයි. වර්තමානයේ මීගම්මන රජමහා විහාරය ප්‍රදේශයේ ජාතික, ආගමික, සංස්කෘතික කටයුතු රැසක් මෙම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සිදුවෙන අතර වාර්ෂික පෙරහර සදහා රාජ්‍ය අනුග්‍රහය ලබා දිමට පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ මුලිකත්වයෙන් සිදු විය.මීගම්මන රාජමහා විහාරාධිපති,සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ පාතදුම්බර උප ප්‍රධාන සංඝ නායක මානිංගමුවේ පියරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම කටයුතු සිදුවු අතර මෙහිදි අනුශාසනාවක් සිදු කළ නාහිමියෝ කියා සිටියේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා වචනයේ පරිසමාර්ථයෙන්ම සිය වගකිම් සහ යුතුකම් සම්බුද්ධ ශාසානයේ දියුණුව උදෙසා කටයුතු කිරිම අගය කරන බවත් ඒ සදහා මහා සංඝරත්තයේ ආශිර්වාදය නිරතුරුව ලැබෙන බවද උන්වහන්සේ පැවසිය. මෙහිදි අදහස් දැක්වු ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ මිගම්මන ටැම්පිට විහාරය විනාශ මුඛයට පත් අවස්ථාවේ වර්තමාන විහාරාධිපති ස්වාමින් වහන්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල යන ආයතනවල සහයෝගය ලබා ප්‍රදේශවාසීන්ගේ දායකත්වය ඇතිව පුණ්‍යභුමියක් ලෙස සංවර්ධනය කළ බවත් අතිතයේ සිට මේ දක්වා සම්බුදු සසුනේ දියුණුව උදෙසා මහා සඝරුවන විසින් සිදු කරන අනුපමේය මෙහෙය බෞද්ධයින් ලෙස අගය කළ යුතු බවත් මින් ඉදිරියට රාජ්‍ය අනුග්‍රහය මත පෙරහර පැවැත්විමට කටයුතු කිරිම සියලු දෙනාගේ යුතුකම බවත් ඒ සදහා සහය ලබා දෙන බෞද්ධ , අබෞද්ධ දානපතියන් සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ලබා දෙන දායකත්වය අගය කරන බවද ආණ්ඩුකාරවරයා පැවසිය.වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා බුදු දහමට අනෙක විද බාධක රැසක් ඇතිවෙමින් ඇති අවධියක සියලු දෙනා එක්ව බුදු සසුන සදහා කැපවී වැඩ කල යුතු කාලයක් උදා වී ඇති බවත් දුර්මත සමාජ ගත වීමත්, පුරාවිද්‍යාත්මක සාධක විනාශ කිරීමත් නිරාගමික ලෙසින් හදුන්වා දෙනු ලබන කණ්ඩායම් විසින් අනාගත පරපුර කෙරෙහි ඇති කොට ඇති බලපෑම අති මහත් බවත් මහත් වීර්යයෙන් යුතුව ඒ සදහා මුහුණ දීම අප සතු වගකීමක් බවත් ප්‍රකාශ කොට සිටියේය.මෙහිදි මධ්‍යම පළාත් සභාව මගින් පෙරහර සදහා ලබා දෙන දායකත්ව අනුහ්‍රයට අදාළ ලිපි ගොනුව නාහිමියන් වෙත ආණ්ඩුකාරවරයා විසින් පිරිනැමිමද සිදු විය.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ සහ වැඩබලන ආණ්ඩුකාර සහකාර ලේකම් උදාර කොන්සිවත්ත, පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් තක්ෂිලා වීරකොන්, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ ඉනෝදනි තඹවිට, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ලියනගමගේ, යන මහත්ම මහත්මින් විහාරස්ථ දායක සභාවේ නිලධාරින් ,පෙරහර කමිටුවේ නිලධාරින් ඇතුලු පෙරහර සදහා දාකත්වය ලබා දෙන ආයතනවල නිලධාරින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook