පරිසරයයි - සුව දිවියයි” පාරිසරික ඡායාරූප හා චිත්‍ර ප්‍රදර්ශනය

පරිසරයයි - සුව දිවියයි” පාරිසරික ඡායාරූප හා චිත්‍ර ප්‍රදර්ශනය

පරිසරයයි - සුව දිවියයි” පාරිසරික ඡායාරූප හා චිත්‍ර ප්‍රදර්ශනය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 24වන දින ආරම්භ කෙරිණ.මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය පුරා දින හතක් (24සිට 31දක්වා) මහනුවර ආසිරි රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.මීට සමගාමීව පැවති ඡායාරූප තරගාවලියේ ජයසංකේත ප්‍රදානයද ආණ්ඩුකාරවර ගමගේ මහතා අතින් සිදුවූ අතර මෙම තරගාවලිය පාසල් අංශය සහ දීප ව්‍යාප්ත වෛද්‍ය වෘත්තිකයින්ගේ අංශය ලෙස කොටස් දෙකකින් සමන්විත වී පැවතුණි. කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය මගින් එළි දක්වන “මැදරට සොබා” සඟරාවේ මුල් පිටපත ආණ්ඩුකාර තුමන් වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,කෘෂිකර්ම අමාත්‍යාංශයේ ‍ලේකම් චන්දන වික්‍රමසූරිය , කර්මාන්ත අමාත්‍යාංශයේ ‍ලේකම් චරිතා ඉලංගකෝන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‍ලේකම් ජගත් අධිකාරි , ආසිරි රෝහලේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් මැදවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන්, වෛද්‍යවරුන් , විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. (මෙම ප්‍රදර්ශනය සඳහා ඇතුලුවීම සම්පූර්ණයෙන් නොමිලේ වන අතර, පරිසර හිතකාමී නිර්මාණශීලී පරපුරක් බිහිකිරීම වෙනුවෙන් ඔබටත් ප්‍රදර්ශනය නැරඹීමට ඇරයුම් කරමු.)

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook