දළදා සමිදු පුදන “ පරිසරය පූජනීයයි ” පාරිසරික  සත්කාර ශ්‍රමදාන වැඩසටහන මෙවරත්.

දළදා සමිදු පුදන “ පරිසරය පූජනීයයි ” පාරිසරික සත්කාර ශ්‍රමදාන වැඩසටහන මෙවරත්.

දළදා සමිදු පුදන “ පරිසරය පූජනීයයි ” පාරිසරික සත්කාර ශ්‍රමදාන වැඩසටහන මෙවරත්. ඓතිහාසික සෙංකඩගල දළදා පෙරහැරට සමගාමීව මධ්‍යම පළාත් කෘෂිකර්ම සහ පරිසර අමාත්‍යාංශය , මධ්‍යම පළාත් සභාව ප්‍රධාන ව සියලු රාජ්‍ය ආයතනයන් සහ ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් වාර්ෂිකව පැවැත්වෙනු ලබන පරිසරය පූජනීයයි ශ්‍රමදානය වැඩසටහන 2024 අගෝස්තු 8 වන දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට වහල්කඩ පරිශ්‍රයේදී ආරම්භ කෙරෙනි. දළදා පෙරහරට පිදෙන පාරිසරික සත්කාරික උපහාරයක් ලෙස දළදා පෙරහැරට පුර්වයෙන් මහනුවර නගරය හා ඒ අවට ප්‍රදේශය පවිත්‍ර කිරීමේ කාර්යය මෙම ශ්‍රමදානයක් මගින් කෙරෙන අතර, මෙවරද ස්ථාන දාසයකට ආසන්න ප්‍රමාණයක් ආවරණය කරමින් ආයතන රැසකගේ දායකත්වයෙන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක විය. මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, කෘෂිකර්ම අමාත්‍යංශය ලේකම් චන්දන වික්‍රමසූරිය , විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන් රත්වත්ත , දළදා මාලිගාවේ කිර් ති දිසානායක යන මහත්වරුන් ඇතුළුව පලා ත් අමාත්‍යාංශ ලේකම්වරුන් ,දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආරක්ෂක අංශයේ නිලධාරීන් ,ශ්‍රී ලංකා පොලිසිය , මහනුවර මහ නගර සභාව ,බන්ධනාගාර දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරමින් පිරිසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook