මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ නිළ වෙබ් අඩවිය එළිදකි

මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ නිළ වෙබ් අඩවිය එළිදකි

මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ නිළ වෙබ් අඩවිය එළිදකි මධ්‍යම පළාත තුළ මගී ජනතාව වෙත තවදුරටත් කාර්යක්ෂම හා ඵලදායී ප්‍රවාහන සේවයක් සැපයීමේ අරමුණ පෙරදැරිව, මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය, එහි නිළ වෙබ් අඩවිය එළිදැක්වීම 30 දින පල්ලෙකැලේ මගී ප්‍රවාහන සේවා අධිකාරී පරිශ්‍රයේදී සිදුකෙරිණි. https://www.tsa.cp.gov.lk/ නිළ වෙබ් අඩවිය ඔස්සේ මහජනයාට මගී ප්‍රවාහන සේවාවට අදාල තොරතුරු සඳහා පහසුවෙන් ප්‍රවේශවීමේ හැකියාව ලබා දී ඇති අතර එම සේවාව තවදුරටත් පුළුල් අයුරින් සිදුකිරීම සඳහා මෙය යොදාගැනීමට බලාපොරොත්තුවන බව, මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති, ඩී.එම්.පී.කේ. දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේය. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සව අවස්ථාව සඳහා මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති, ඩී.එම්.පී.කේ. දිසානායක මහතා, මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් මදුපානි පියසේන මහත්මිය, මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරී සාමාන්‍යාධිකාරී තුමන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් සහ එම අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගිව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook