
මහනුවර තාක්ෂණ විද්‍යාලයේ වෙනුක ගෙන් ගුණයෙන් පිරි සහල් යෝගට් !
මහනුවර තාක්ෂණ විද්‍යාලයේ වෙනුක ගෙන් ගුණයෙන් පිරි සහල් යෝගට් !
රටක දියුණුව පවතින්නේ නව තාවයෙන් යුක්ත දේවල් එකතුවීමෙන් මෙන්ම ඒ සදහා නිර්මාණශීලි අදහස් බද්ධවීමෙනි. ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය අපට කියා දෙනුයේ ද මේ සංවර්ධනයේ මාවතය. මේ මග යමින් පවතින සමාජ වටපිටාව තුළ නව නිපැයුමක් රටට දායාද කරන්නට වෙරදරන අපුරු තරුණයෙකු අපට හමුවන්නේ මහනුවර ප්‍රදේශයෙනි. ශ්‍රී ලංකාවේ එළකිරි නිෂ්පාදනයන් විවිධාංගීකරණයට ලක්වීම හේතුවෙන් දියර කිරි පරිභෝජනය අවම මට්ටමක පැවතීමත් , දේශීය ගුණයෙන් යුක්ත නව ආදේශක කිරි ආශ්‍රිත නිෂ්පාදන වෙනුවට නව නිෂ්පාදන ප්‍රභේදයක් හදුන්වා දීමට වෙරදරණ ඔහු නමින් එස්.ඩි. වෙනුක කිත්මිණ වේ. මහනුවර තාක්ෂණික විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන ඔහුගේ නවතම සොයාගැනීම වන්නේ එළකිරි ආශ්‍රිත නිෂ්පාදන වෙනුවට දේශීය සහල් යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන “සහල් යෝගට්” නිපදවීමයි. ඔහු මෙම නව නිෂ්පාදනය පිළිබදව මෙසේ අදහස් දැක්විය, ශ්‍රී ලංකාවේ මෑත කාලීනව එළ කිරි නිෂ්පාදනයන් වල මිළ සැලකිය යුතු ලෙස ඉහළ අගයක පවතිනවා. එයට හේතුව වන්නේ ලංකාවේ එළකිරි පරිභජනයෙන් 30% පමණක් එළකිරි නිෂ්පාදන ලෙස පැවතීමයි. කිරි ආශ්‍රිත නිෂ්පාදන අතර යෝගට් කියන්නේ ඉතා ඉහළ ඉල්ලුමක් සහිත නිෂ්පාදනයක්. ඒ සදහා අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නේ නැවුම් කිරි හෝ සම්පුර්ණ යොදය සහිත කිරිපිටියි. දැනට වෙලදපොලේ පවතින මෙවැනි නිෂ්පාදන වල මිළ ද ඉතා ඉහළ අගයක් ගන්නවා. මෙම ගැටලු අධ්‍යනය කර එයට විසදුමක් ලෙස ගුණාත්මක බැවින් යුක්ත නව නිෂ්පාදනයක් ලෙස සහල් කිරි මගින් යෝගට් සෑදීම සදහා පර්යේෂණයක් සිදුකරා. එය ඉතා සාර්ථක උණා . එමගින් සහල් කිරි යොගට් සෑදීමට හැකියාව ලැබුණා යැයි පැවසිය.මෙම යොගට් ලැක්ටොස් ඉන්ටොලරන්ස් වැනි රෝග පවතින අයට ආහාරයට ගත හැකි බවත් , කොලොස්ටරොල් සහ සංතෘප්ත මේද අම්ල නොපවතින බැවින් හෘදයාබාද ඇති අයට ද ආහාරයට ගැනීම ඉතා ගුණදායකයි. සහල් ගුණය එලෙසම ලැබෙන පෝෂණීය යෝගට් එකක් මේක. මෙම නව නිෂ්පාදනය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය වන සහල් පහසුවෙන් ලංකාව තුළ සොයාගත හැකි වීමත් මගින් පහසු මිළට යෝගට් සෑදිමට හැකියාව ලැබී ඇති බව ඔහු අප සමග පවසයි. නව නිපැයුම් රටට අවශ්‍යම මොහොතක මෙවැනි නව නිපැයුම් අගයමින් ඒ සදහා නව අගයක් ලබාදීමට ක්‍රියා කිරීම බලධාරීන්ගේ වගකීමකි. මෙම නව නිෂ්පාදනය කෙරෙහි බලධාරීන් ගේ අවධානය යොමුවී රටට වැඩදායි ,ගුණයෙන් යුක්ත මෙම නව නිෂ්පාදනය දිරිගැන්වීමට අවශ්‍ය සහය ලබාදෙන්නේ නම් අගය කරන බව ඔහු අප සමග වැඩිදුරටත් පැවසිය.