
හදිසි අවස්ථාවල ප්‍රථමාධාර ලබා දීමට දරුවන්ට පෙරහුරුවක්.
හදිසි අවස්ථාවල ප්‍රථමාධාර ලබා දීමට දරුවන්ට පෙරහුරුවක්.
කාලීනව ඉහළ යන හදිසි අනතුරු හා ලෙඩ රෝගයන් වළක්වා ගැනීමත් ඉන් සිදුවන ජීවිත හානි අවම කර ගැනීමත් වෙනුවෙන් පාසල් ප්‍රජාවගේ දායකත්වය ලබා ගනිමින් ප්‍රථමාධාර ලබාදීමේ ක්‍රමවේදයන් ග්‍රාමීය මට්ටමින් ප්‍රචලිත කිරීම සඳහා පාසල් දරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාතෙන් ආරම්භ කෙරේ.මීට සමගාමීව සංවිධානය වූ හදිසි අවස්ථාවලදී ප්‍රථමාධාර ලබා දීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් හා කඳවුරක් මහනුවර දෙනුවර අධ්‍යාපන කලාපයේ පිහිටි ඩී.බී. විජේතුංග ජාතික පාසලේ දී පසුගිය දා පැවැත්වින.මෙහිදී දරුවන් හට ප්‍රථමාධාර ක්‍රම පිළිබඳව දැනුම ලබාදීම මෙන්ම ප්‍රතිකාර සඳහා අවශ්‍යය ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳව පුහුණුව ලබාදීම සිදුවිය . හදිසි අවස්ථාවලදී අනතුරුවලින් පාසල් ප්‍රජාව බේරා ගැනීම සඳහා ප්‍රතිකාර ලබාදීමටත් ,එමෙන්ම සමාජ වගකීමක් ලෙස ජීවත් වන ප්‍රදේශයේ ජනයා හට ඇතිවන හදිසි අනතුරු වළක්වා ගැනීම වෙනුවෙන් මැදිහත්වීමට පාසල් දරුවන් හට අවස්ථාව උදා කිරීමත් යන අරමුණු වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කොට පැවතුණි.මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය මහනුවර ජාතික රෝහල් කාර්ය මණ්ඩලය මගින් ලබාදෙන ලද අතර , පාසලේ විදුහල්පති පී .බී .මොහොට්ටි මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත මෙම වැඩසටහන සංවිධානය කොට පැවතුණි.