යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ නියෝජිතයින්  මධ්‍යම  පළාත් ආණ්ඩුකාරවරයා  හමුවක්

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ නියෝජිතයින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමුවක්

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ නියෝජිතයින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමුවක් මෙවර ජනාධිපතිවරණයේ නිරික්ෂණ කටයුතු සදහා මෙරටට පැමිණ සිටින යුරෝපා මැතිවරණ නිරික්ෂණ කණ්ඩායම සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ ගමගේ මහතා අතර හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි (19) දින පැවැත්විණි.මෙහිදි ජනාධිපති මැතිවරණයට අදාළ කටයුතු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර පළාත් ආණ්ඩුකාරවරයා අදහස් දක්වමින් මධ්‍යම පළාතේ මැතිවරණ කටයුතු සාමකාමිව සිදු වන බව පැවැසීය. එමෙන්ම ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්විම සදහා අවශ්‍ය සියළු කටයුතු රජයේ නිලධාරින් ඇතුලු අනෙකුත් පාර්ශ්ව විසින් සිදු කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.ජනාධිපතිවරණය සදහා රජයේ නිලධාරින් ඇතුලු ඒ හා සම්බන්ධ ආයතන විශාල සේවයක් ඉටුකරන බවත් ඔවුන් ඒ සඳහා දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බවත් යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම ‍මෙහිදි සඳහන් කළේය. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාමෙන් මොරෙනෝ (Carmen Moreno) මහත්මිය ඇතුලු යුරෝපා සංගමයේ මැතිවරණ නිරික්ෂණ කණ්ඩායමේ ප්‍රධානි /යුරෝපා පාර්ලිමෙන්තු මන්ත්‍රි සැන්චෙස් ආමර් මහතා (Sanches Amor) ඇතුලු නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook