
සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගෙන පළාත් පාලන මගින් නව වැඩපිළිවෙලක්.
සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගෙන පළාත් පාලන මගින් නව වැඩපිළිවෙලක්.
සමාජ මාධ්‍ය හරහා සංචාරක ආකර්ෂය හා ප්‍රවර්ධනය අරමුණු කරගෙන,පළාත් පාලන ආයතන සදහා ආදායම් උත්පාදනයටත්,පළාත් පාලන ආයතනවල නිලධාරීන්ගේ දැනුම,කුසලතා හා ආකල්ප වැඩි දියුණු කිරීම වෙනුවෙන් වැඩමුළුවක් පසුගියදා (11) පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.සී.කේ.අතපත්තු මහත්මියගේ මගපෙන්වීමෙන් නවයාලතැන්න සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විණ.
මෙහිදි දැනට සමාජ මාධ්‍ය මගින් සංචාරක ආකර්ෂණ සංරචක සිදුකරන පළාත් පාලන ආයතන 32ක් වෙනුවෙන් නිලධාරින් පුහුණුවන්නන් ලෙස සහභාගී විය.
ප්‍රවීණ සම්පත්දායකයින් වන තන්ගවේල් ශක්තිවේල් මහතා හා චමිලා මුදලිගමගේ මහත්මියගේ සම්පත්දායකත්වයෙන් පැවැත්විණ .
මෙම අවස්ථාවට පළාත් පලන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) අරුණි පුෂ්පලතා මහත්මිය සහභාගී විය.
ප්‍රාදේශිය වශයෙන් සුවිශේෂි ස්ථාන සමාජ මාධ්‍ය හරහා සංචාරකයන් වෙත ලගාකිරීමේ ක්‍රමෝපායන් පිළිබද දැන්වත් කිරිම සහ ඒ සදහා පළාත් පාලන ආයතන යොමුකිරිම තුලින් පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම හා ප්‍රාදේශීය වශයෙන් මැදරට ජනතාව ආර්ථිකය අතින් ශක්තිමත් කිරිමට ගත් එක් උත්සහයක සාර්ථක ආරම්භයක් ලබාදිමට මෙමගින් පළාත් පාලන දෙපාර්තමේන්තුවට හැකි වී තිබේ.