මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් මධ්‍යම පළාත ට විශිෂ්ට ජයක් !

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් මධ්‍යම පළාත ට විශිෂ්ට ජයක් !

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් මධ්‍යම පළාත ට විශිෂ්ට ජයක් ! මෙවර (2023) අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සාධනයෙන් මධ්‍යම පළාත විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලු පළාත් අතරින් පස්වන ස්ථානය හිමිකර ගැනීමට මධ්‍යම පළාත සමත්ව ඇත. ඒ 75.19% ලබා ගනිමිණි. දකුණු පළාත 78.21% ක් ලබාගෙන මෙවර පළමුවන ස්ථානය හිමිකර ගෙන ඇත. පසුගියවර (2022 ) අ.පො.ස (සා/පෙළ) පෙළ ප්‍රතිඵල සාධනයෙන් අට වන ස්ථානයේ පසු වූ මධ්‍යම පළාත මෙවර විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරමින් මෙම ජයග්‍රහණය ලබාගැනීමට හැකිවීම විශේෂත්වයකි. ඉතා කෙටි කාල පරාසයක් තුළ අධ්‍යාපනයේ සාධනීය වෙනසක් ඇතිකරලීම වෙනුවෙන් මධ්‍යම පළාත තුළ විවිධ වැඩසටහන් හා විශේෂාංග රැසක් ක්‍රියාත්මක කරමින් මෙකි ජයග්‍රහණය ලබා ගැනීමට මංපෙත් උදාකොටගෙන ඇත. ඒ අතරින් පළාතේ අඩු විෂය ලකුණු පවතින සිසුන් හදුනාගනිමින් ඔවුන් සදහා විශේෂ සම්මන්ත්‍රණ හා නේවාසික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පළාතේ දුෂ්කර අධ්‍යාපන කලාප වල පවතින පාසල් සදහා ස්වේච්ඡා ගුරුවරුන් බඳවා ගනිමින් අධ්‍යන කටයුතු විධිමත් කිරීමට පියවර ගැනීම (නැණ පහන් දල්වමු ව්‍යාපෘතිය), සෑම විෂයකටම පාසල් බද්ධව විශේෂ සම්මන්ත්‍රණ සංවිධානය කිරීම, පළාත සදහා නවක ගුරුවරුන් බදවා ගැනීමට පියවර ගැනීම, පහසුකම් අඩු පාසල් සදහා මානව හා භෞතික සම්පත් ලබාදීම හා පරිපාලන ක්‍රමවේද විධිමත් කරමින් අධික්ෂණ ක්‍රමවේද ශක්තිමත් කිරීම, නිවැරදි ඇගයීම් ක්‍රම යොදාගැනීම වැනි ක්‍රියාකාරකම් තුළින් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම් ඉහළ නැංවීමට කටයුතු යොදා පැවතීම විශේෂත්වයකි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook