
මධ්‍යම පළාත් සස්කෘතික විවිධත්ව උළෙල - 2024
මධ්‍යම පළාත් සස්කෘතික විවිධත්ව උළෙල - 2024
මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සංවිධාන කළ ‘මධ්‍යම පළාත් සස්කෘතික විවිධත්ව උළෙල - 2024’ මහනුවර ඊ.එල්. සේනානායක
අනුස්මරණ ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේදී (07) දින පැවැත්විණි.සිංහළ, දෙමළ, මුස්ලිම් ජන වර්ගයන්හී සංස්කෘතික විවිධත්වය සමාජගත කිරීමේ අරමුණ ඇතිව සංවිධානය කළ මෙම උත්සවය පාසල් සිසුන්ගේ සහභාගීවයෙන් පැවැත්විණි. මධ්‍යම පළාත් කෘෂිකාර්ම, වාරිමාර්ග, හින්දු සංස්කෘතික හා වතු යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය ආරම්භ වූ අතර වැඩසටහනේ ප්‍රධාන ආරාධිත දේශනය ‘සංස්කෘතිය විවිධත්වය සහ සාමය’ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත් මහතා විසින් පවත්වන ලදී.මෙම උත්සවයට සමගාමීව සංස්කෘතික විවිධත්වය පිළිබඳව පාසල් දූ දැරුවන් අතර පැවැති චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීම හා ජයග්‍රහණය කළ චිත්‍ර නිර්මාණ ප්‍රදර්ශනය කිරීම ද මෙහිදී සිදුවිය.මහනුවර නගරයේ පාසල් දූ දරුවන්ගේ සංස්කෘතික හා නර්ථන අංග සහ මෙහිදී එළිදැක්වූ අතර සංස්කෘතික විවිධත්වය ඇතුළත් සංගීත වැඩසටහනක් පළාත් සංස්කෘතික කණ්ඩායමේ දායකත්වයෙන් පැවැත්විණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉනෝදනී තඹවිට මහත්මිය ඇතුළු නිලධාරීන්, දෙමාපියන් හා පාසල් දූ දැරුවන් ඇතුලු පිරිසක් සහභාගීවූහ.