
2024 වර්ෂයේ සිංහල දමිළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමීව පවත්වන පළාත් හිසතෙල් ගැල්වීමේ මංගල්‍යය පිළිබද සාකච්ජාවක්.
2024 වර්ෂයේ සිංහල දමිළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමීව පවත්වන පළාත් හිසතෙල් ගැල්වීමේ මංගල්‍යය පිළිබද සාකච්ජාවක්.
2024 සිංහල දමිළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමීව පවත්වන හිසතෙල් ගැල්වීමේ මංගල්‍යයේ මධ්‍යම පළාත් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික නාථ දේවාලය විහාරාධිපති ඇටිපොළ මහින්ද ස්වාමීන් වහන්සේගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු .ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 27 ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
එළැඹෙන අප්‍රේල් මස 15වන සඳුදා දින උදෑසන 10.00 ට යෙදෙන නැකත් චාරිත්‍රයට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නාථ දේවාල පරිශ්‍රයේ සකසන ලද නානු මණ්ඩප 5 ක දී මෙම චාරිත්‍ර සිදු කිරීමට නියමිතය.
එසේම අලි ඇතුන් සඳහා හිස තෙල් ගැල්වීමත් මෙයට සමගාමිව පැවැත්වෙන අතර පළාතේ සියලූම ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන්ගේ සහයෙන් විහාරස්ථාන , රාජ්‍ය ආයතන හා ප්‍රජාවට නානු 10,000 ක් ලබාදීමට පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබේ.
මෙම උත්සවය ශ්‍රී දළදා මාළිගාව , මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර මහනගර සභාව, මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා මහනුවර පොලිස් ස්ථානය, තලාතුඔය ශ්‍රී ලංකා නාවික හමුදා අනු ඛණ්ඩය යන ආයතනයන්ගේ දායකත්වයන් සිදුකෙරේ.
මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී, පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ජේ.පී හේරත්, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් හා ශ්‍රී ලංකා පොලිසිය හා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද සහභාගි වී සිටියහ.