මධ්‍යම පළාත් සභාවේ පස්  අවුරුදු සැලැස්මේ (2024-2028) කෙටුම්පත ආණ්ඩුකාරතුමා වෙත පිළිගැන්වේ.

මධ්‍යම පළාත් සභාවේ පස් අවුරුදු සැලැස්මේ (2024-2028) කෙටුම්පත ආණ්ඩුකාරතුමා වෙත පිළිගැන්වේ.

මධ්‍යම පළාත් සභාවේ පස් අවුරුදු සැලැස්මේ (2024-2028) කෙටුම්පත ආණ්ඩුකාරතුමා වෙත පිළිගැන්වේ. ලැබෙන මුදල් ටික කෙසේ හෝ වියදම් කරනවා වෙනුවට ජනතාවට අවශ්‍ය මුලික කරුණු හා අවශ්‍යතා වෙනුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මේ මොහොතේ රටට අවශ්‍යම වෙනවා. විවිධ ආයතනවලට අධික ලාභයක් ලබාදීමට අවස්ථාව උදා කිරීම වෙනුවට වඩා සඵලදායි නව ක්‍රමවේද යොදා ගැනීම කාලින අවශ්‍යතාවයක් වී පවතිනවා. ජ්‍යෙෂ්ඨතත්වයට එහා ගිය ඉලක්ක ජයගත හැකි දක්ෂතාවය , කැපවීම හා හැකියාවට ප්‍රමුඛත්වය ලබාදෙන ඇගයීම් ක්‍රම වේදයක් මේ මොහොතේ රටටම අවශ්‍ය වනවා යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යංශ , දෙපාර්තමේන්තු හා ආයතන වෙනුවෙන් සකස්කරන ලද පස් අවුරුදු සැලැස්මේ (2024-2028) කෙටුම්පත ඒ මහතා වෙත පිළිගැන්වීමේ අවස්ථාවේ දී ය. 2024 වර්ෂයේ ජනවාරි පළමු වෙනි දිනයේ නව වර්ෂයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් සියලු දෙනා වෙත සුබපැතුම් එක් කරමින් නව වර්ෂයේ පළාත් සභාවේ කාර්යයභාරය ඒ ඒ අමාත්‍යාංශය වල විෂයපතය අනුව හදුනාගෙන ඒකාබද්ධ ප්‍රවේශයකින් යුක්තව ජනතාව වෙත කාර්යයක්ෂමව සේවා සැපයීම මේ මොහොතේ රටට අවශ්‍යම බව ආණ්ඩුකාරවරයා මෙහිදී පෙන්වා දෙන ලදී. නව පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීමත් සමග මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යය සාධන ඇගයීම් ක්‍රම වේදයන් ද වෙනසකට ලක්කර ඈති බව මෙහිදී ප්‍රධාන ලේකම්වරයා පැවසිය. සැලසුම් සහගත ක්‍රමවේදයන් අනුව ඒ ඒ ආයතන වෙත පැවරෙන වගකීම් නිවැරදිව ඉටුකිරීම හා ඉලක්ක අත්පත් කර ගැනීම ප්‍රායෝගිකව සලකා බලා කාර්යය සාධනය ඇගයීම් ක්‍රමවේදයන් වෙනසකට භාජනය කිරීමට පියවර ගෙන ඇති බවත් , රාජ්‍ය නිලධාරින් ලෙස සැමගේ වගවීම පිළිබදව නව මානයක් සමගින් රටටම ආදර්ශයක් මධ්‍යම පළාතෙන් ලබාදීමට මේ තුළින් හැකිවන බව ද ඒ මහතා කිය. පස් අවුරුදු මධ්‍යකාලීන සංවර්ධන සැලැස්මට අනුකූලව , ජාතික වැඩසටහන් හා ඒකාබද්ධව තිරසර සංවර්ධන අරමුණු ජය ගැනීම හා කාලීනව සිදුවන දේශගුණික විපර්යාස සදහා මුහුණදීමත් , 2024 අයවැය ප්‍රකාශයේ සඳහන් කරුණු කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කරමින් 2024 -2028 පස් අවුරුදු සංවර්ධන සැලැස්ම සකස් කර ඇති බව මෙහිදී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා කරුණු දක්වමින් පැවසිය. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩි.නිමලසිරි , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , සෞබ්‍යය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක , කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද , මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන , සභා ලේකම් සුජානි විජේතුංග ,රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනි එස් ප්‍රේමචන්ද්‍ර , යන මහත්ම මහත්මීන් , දෙපාර්තමේන්තු ප්‍රධානින් ,ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානින් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook