ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන 2024.

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන 2024.

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන 2024. මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමීව මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ වනිතා කටයුතු ඒකකය මගින් සංවිධානය කරනු ලැබූ "ඇයට ශක්තිය - දැයට ප්‍රගතිය" තේමාව පදනම් කරගත් මධ්‍යම පළාත් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන අද (13) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ගරු නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම සැමරුම් වැඩසටහන මගින් මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් සිය ස්ව ශක්තියෙන් යුතුව නැගී සිටින ලද විශිෂ්ටතම දිරිය කාන්තා ව්‍යවසායිකාවන් 38 දෙනෙකු ඇගයීමකට ලක් කෙරිණි. එසේම තෝරා ගත් අඩු ආදායම්ලාභී කාන්තා මූලික පවුල් 142ක් වෙත කුකුළු පැටවුන් 1420ක්, රුපියල් ලක්ෂ දහයක වියදමකින් ප්‍රදානය කෙරිණි. දිස්ත්‍රික්ක තුනම නියාජනය වන පරිදි තෝරාගත් සාර්ථකම කාන්තා ව්‍යවසායිකාවන් තිදෙනෙක් වෙනුවෙන් රුපියල් 25000ක මුදල් ත්‍යාග පිරිනැමිණි. මහනුවර දිස්ත්‍රික්කයේ සාර්ථම ව්‍යවසායයිකාව ලෙස මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇඟලුම් නිෂ්පාදන ව්‍යවසායිකා කුමාරි විජේසේකර මහත්මිය , මාතලේ දිස්ත්‍රික්කයේ සාර්ථකම ව්‍යවසායිකාව ලෙස විසිතුරු බෝනික්කන් නිෂ්පාදන ව්‍යවසායිකා උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි යූ වී රූපලතා මහත්මිය හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සාර්ථකම ව්‍යවසායිකාව ලෙස තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇගලුම් නිෂ්පාදන ව්‍යවසායිකා ඒ. නිශාන්තිනී මහත්මිය එසේ ඇගයීමට ලක් විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගමගේ මහතා කාන්තා ව්‍යවසායකයින් ජාතික ආර්ථිකය කරන දායකත්වය ඇගයීමට ලක් කළේය. කාන්තාවන් මුහුණ දෙනු ලබන වර්තමාන සමාජීය අභියෝග ජය ගැනීම වෙනුවෙන් "කාන්තා සවිබලකරණයට චිත්තවේග බුද්ධිය" මැයෙන් දැනුවත් කිරීමේ දේශනයක් ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් පැවැත්වීය. කාන්තා ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන අලෙවිය සදහා අලෙවි ප්‍රදර්ශනයක් ද පළාත් සභා පරිශ්‍රයේදී පැවැත්විණි. කොමර්ෂල් බැංකු, වර්ල්ඩ් විෂන් ආයතනය හා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කෙරුණු මෙම මෙම වැඩසටහනට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා,කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.යූ. බී. හේරත් මහතා,මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මිය,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුලු අමාත්‍යාංශ හා ආයතන ප්‍රධානීන් පිරිසක්, පළාතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම නියෝජනය වන පරිදි කාන්තා ව්‍යවසායිකාවන්, කාන්තා සමිති නායිකාවන් ඇතුළු කාන්තාවන් පිරිසක් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook