
අඩු ආදායම්ලාභී පාසල් සිසුන් සදහා කුකුල් පැටවුන් සහ පොල්පැල ලබා දීමේ වැඩසටහනක් මැදදුම්බර දී.
පාසල් දරුවන් සත්ව පාලනයට හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයට යොමුකරවීමත් , අඩු ආදායම්ලාභී පවුල්වල ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීමත් අරමුණුව මධ්‍යම පළාත් කලාපිය ආර්ථික සංවර්ධන ආයතනය මගින් (REDA) සංවිධානය කරන ලද අඩු ආදායම්ලාභී පාසල් සිසුන් සදහා කුකුල් පැටවුන් සහ පොල්පැල ලබා දීමේ වැඩසටහනක් 31දින මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
මධ්‍යම පළාත තුළ මෙම වර්ෂයේ දී ක්‍රියාතමක කරන ලද තෙවන වැඩසටහන මෙය වන අතර , මෙහිදී මැදදුම්බර බල ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පාසල් සිසුන් සිය දෙනෙකු සදහා (100) කුකුල් පැටවුන් දස දෙනෙකු හා පොල්පැල පහ බැගින් ලබා දීම සිදු කරන ලදී. අනාගත අභියෝග ජයගනිමින් ව්‍යවසායකයින් ලෙස දරු පරපුර දිශාගත කිරීමේ එක් වැඩපිළිවෙලක් ලෙස මෙය සැලසුම් කොට පැවතුනි.
විධිමත් සත්ත්ව පාලනයක් වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් , පෝෂණය හා වර්ධනය සදහා ආහාර ලබාදීම ඇතුළු අනුගමනය කළ යුතු මාර්ගෝපදේශයන් පිළිබදව මෙන්ම කුකුල් පාලනය පිළිබදව දැනුවත් කිරීම හා උපදේශනය ලබාදීම මැදදුම්බර පශුවෛද්‍ය කාර්යාලයේ සත්ව සංවර්ධන උපදේශක සන්ධ්‍යා ජයවර්ධන මහත්මිය විසින් ලබාදෙන ලදී.
මෙම අවස්ථාව සඳහා මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් නුවන් සී හේමකුමාර , මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ (REDA) නියෝජ්‍ය අධ්‍යක්ෂ එන්.ඩබ්ලිව්.ලක්ෂ්මි, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ලලිතා කුමාරි ,සමාජ ක්‍රියාකාරී රවිදු උස්වැටකෙයියාව , ගුරු උපදේශක පියල් වීරසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, දෙමාපියන් හා සිසු දරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.