
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට අනුගතව නව වසරේ මධ්‍යම පළාත් සභාව වැඩ අරඹයි.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට අනුගතව නව වසරේ මධ්‍යම පළාත් සභාව වැඩ අරඹයි.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව 2025 අභිනව වසරේ මධ්‍යම පළාත් සභාවේ රාජකාරි ආරම්භ කිරීම (01) පෙරවරුවේ පල්ලේකැලේ, මධ්‍යම පළාත් සභා සංකීර්ණ පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ඒ අනුව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ සහ මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ඇතුළු පළාත් සභා සංකීර්ණයේ රාජකාරි ආරම්භ කිරීම මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩි.නිමලසිරි මහතාගේ සහ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදි පළාත් සභා සංකීර්ණය තුල ජාතික ධජය එසවීම, ජාතික ගීය ගායනා කිරීම, රට වෙනුවෙන් මියගිය විරුවන් සැමරිමට නිහඩතාවයක් පැවැත්වීම සහ ජනාධිපති කාර්යාලයේ සිට විකාශ කළ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන හා සම්බන්ධවීම මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණි.
ඒ අනුව සමාජ හැසිරීම්, පාරිසරික පිරිසිදුකම සහ මිනිසුන්ගේ සදාචාරාත්මක හැසිරීම් වැනි ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් රජය විසින් ක්‍රියාත්මක කරන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන දායකත්වය ලබාදිම සඳහා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පුරවැසි ප්‍රතිඥාව මධ්‍යම පළාත් සභා නිලධාරීන් විසින් ලබා දීම ද මෙහිදි සිදු කෙරිණි.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු හා අංශ ප්‍රධානනීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක් විය.