ඩී.එම්.  චන්ද්‍රපාල අනුස්මරණ මහජන පුස්තකාලය පාඨකයින් සතු කෙරේ....

ඩී.එම්. චන්ද්‍රපාල අනුස්මරණ මහජන පුස්තකාලය පාඨකයින් සතු කෙරේ....

ඩී.එම්. චන්ද්‍රපාල අනුස්මරණ මහජන පුස්තකාලය පාඨකයින් සතු කෙරේ.... කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව විසින් පොල්‍ගොල්ල, උයන්ව‍ත්තේ ඉදිකළ කළ ඩී.එම්. චන්ද්‍රපාල අනුස්මරණ මහජන පුස්තකාලය පාඨකයින් සතු කිරීම (02) දින සිදු කෙරිණි. කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ අසූවක වියදමින් ඉදිකළ මෙම ගොඩනැගිල්ල සභා ලේකම් වී.එච්.ජි.එන්. පාලිතරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි. උයන්ව‍ත්ත, ඩී.එම්. චන්ද්‍රපාල අනුස්මරණ මහජන පුස්තකාලය වසර ගණනාවක් මෙම ස්ථානයේ පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙන යන ලද අතර එම පැරණි ගොඩනැගිල්ල කඩා ඉවත්කර නව ගොඩනැගිල්ල ඉදිකර ඇත. බෞද්ධ ආගමික වතාවන්ට මුල් තැන දෙමින් සෙත් පිරිත් සජ්ඡායනය කිරීම සහ සම්ප්‍රදායිකව කිරි උතුරුවමින් පුස්තකාල පරිශ්‍රය පාඨක සතු කිරීම සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ ප්‍රධානි නිමල් චන්ද්‍රසිරි මහවත්ත, පුස්තකාලයාධිපතිනි එව්.එම්.එස්. බස්නායක මහත්මිය, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්, පුස්තකාල පාඨකයින් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook