මහනුවර  දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කෘෂිකර්ම හා පශුසම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතාගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්, මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් (15) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි . මෙහිදී යහපත් ජිවන තත්වයක් ජනතාවට උදාකර දීම වෙනුවෙන් රජය ගෙනයන ප්‍රධාන ව්‍යාපෘතියක් වන Clean Sri Lanka වැඩසටහනේ ක්‍රියාකාරිත්ව පැහැදිලි කිරීම හා මේ වනවිට දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනයන්හි දායකත්වය , දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය, 2025 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන් , සෞබ්‍යය කටයුතු, වාරීමාර්ග, අධ්‍යාපනය , ජල සම්පාදනය යන කරුණු පිළිබඳව මෙහිදි සාකච්ඡාවට ගන්නා ලදී. එසේම වගා සත්ව හානියට පිලියම් ලෙසින් දැනට සිදුකර ඇති ව්‍යාපෘතියේ ඇතුලත් කරුණු පිළිබදව දැනුවත් කිරීම ද සිදුවිය. කාලීනව සිදුවන ජල ගැලීම් පාලනය කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීම, නගරවල සිටින පදික වෙළෙදුන්ගේ ගැටලුව , රෝහල සත්කාරක සේවා යහපත් කිරීම , කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ ගැටළු කඩිනමින් විසදීම , ග්‍රාමීය අතුරු මාර්ගවල පවතින ආපදාවන්ට පිළියම් යෙදීම ඇතුළු කාලින ජනතා ගැටළු රැසක් මෙහිදී සාකච්ජාවට ගනු ලැබිය. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන් , දෙපාර්තමේන්තු ප්‍රධානින්, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් , පළාත් පාලන ආයතන ප්‍රධානින් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook