“පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” මධ්‍යම පළාත් පවිත්‍රතා වැඩසටහනනේ සමාරම්භය මහනුවර මහා නගර සභාවෙන් .

“පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” මධ්‍යම පළාත් පවිත්‍රතා වැඩසටහනනේ සමාරම්භය මහනුවර මහා නගර සභාවෙන් .

“පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” මධ්‍යම පළාත් පවිත්‍රතා වැඩසටහනනේ සමාරම්භය මහනුවර මහා නගර සභාවෙන් . අපි හැමෝම රටේ පුරවැසියන් ලෙස ලැස්ති වෙන්න ඕන පවතින නීතියට ගරු කරන්න. රටක් ගොඩනැගීමේ පදනම එයයි. නමුත් අපේ සමාජයේ කරන්න එපා කියන දේවල් , නීතියෙන් තහනම් දේවල් නොසලකන තත්ත්වයට අද සමාජය පත්වෙලා. මේ තත්වය වෙනස් කළ යුතුයි. අපි එය පාසලෙන් ආරම්භ කළ යුතුයි. දරුවන් තමා රටේ අනාගතය. ඒ නිසා පවතින නිතීන් පිළිපදින ආකල්පයම පරිවර්තනයක් මගින් යහපත් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන Clean Sri Lanka වැඩසටහන මේ සදහා පදනමක් යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන මධ්‍යම පළාත් පවිත්‍රතා වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” යන තේමාව ඔස්සේ (17) මෙම වැඩසටහන මහනුවර මහා නගර සභා පරිශ්‍රයේදී ආරම්භ විය. මෙම සමාරම්භක වැඩසටහනට සමගාමිව මධ්‍යම පළාතේ පිහිටි මහනුවර ,මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් හි පවතින පළාත් පාලන ආයතන 47ක් මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සිදුවේ. මධ්‍යම පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් පළාත් පාලන ආයතනවල ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන මගින් පාරිසරික ,සාමාජිය හා ආචාරධර්ම ප්‍රවේශයන් ඔස්සේ පුළුල් සමාජ පරිවර්තනයක් හරහා දියුණු සමාජයක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර එහි පළමු පියවර වශයෙන් පාරිසරික සංකල්පය යටතේ “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” වැඩසටහන පළාතේ පළාත් පාලන බල ප්‍රදේශයන්හි මෙලෙස ආරම්භ කරන ලදී. සුපසන් මහනුවර නගරයක් නිර්මාණය කිරීමේ ඇරඹුම වෙනුවෙන් මහනුවර නාගරික බල ප්‍රදේශයේ ප්‍රධාන ස්ථාන 13ක් මුලික කරගෙන මෙම පවිත්‍රතා වැඩසටහන දියත් කරණ ලද අතර මෙම වැඩසටහන සදහා ව්‍යාපාරික ප්‍රජාව , රාජ්‍ය ආයතන , ආරක්ෂක අංශ , පරිසර පොලිසිය හා ප්‍රජා සහභාගිත්වයෙන් සිදුවිය. මෙම සමාරම්භක අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන , සෞබ්‍යය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි , කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසුරිය , මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දිලිපා රූපාණි පියදාස , පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චමිලා අතපත්තු , පළාත් පාලන සහකාර කොමසාරිස් (මහනුවර ) ලක්මාලි අත්තනායක , නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook