
වත්තේගම නගර සභා බල ප්‍රදේශයේ හා පාතදුම්බර “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” පවිත්‍රතා වැඩසටහන දියත් කෙරේ.
වත්තේගම නගර සභා බල ප්‍රදේශයේ හා පාතදුම්බර “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” පවිත්‍රතා වැඩසටහන දියත් කෙරේ.
Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමිව මධ්‍යම පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් පළාත් පාලන ආයතනවල ක්‍රියාත්මක කෙරෙන “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” මධ්‍යම පළාත් පවිත්‍රතා වැඩසටහන (17) මධ්‍යම පළාතේ පිහිටි පළාත් පාලන ආයතන සියල්ල මගින් ආරම්භ කරන ලදී .
පාරිසරික ,සාමාජිය හා ආචාරධර්ම ප්‍රවේශයන් ඔස්සේ පුළුල් සමාජ පරිවර්තනයක් හරහා දියුණු සමාජයක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර පාරිසරික සංකල්පය ප්‍රමුඛ කොටගත් “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” වැඩසටහන පාතදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හා වත්තේගම නගර සභා බල ප්‍රදේශයේ දී ක්‍රියාත්මක වූ අතර එම අවස්ථාව සදහා පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය ද එක්විය. වත්තේගම නගර සභාවේ ලේකම් ප්‍රියන්ත මඩුගල්ල මහතාගේ හා පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ ලේකම් ඉනෝකා කුලතුංග මහත්මියගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කොට පැවතුනි.