මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ කැනඩාවේ,  දකුණු ආසියානු කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය අතර හමුවක්...

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ කැනඩාවේ, දකුණු ආසියානු කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය අතර හමුවක්...

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ කැනඩාවේ, දකුණු ආසියානු කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය අතර හමුවක්... මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ කැනඩා රජයේ, දකුණු ආසියානු කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මාරි ලුවිස් හන්නන් (Mrs. Marie-Louise Hannan) මහත්මිය අතර හමුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (24) දින පැවැත්විණි. මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ කැනඩා රජයේ, දකුණු ආසියානු කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය අතර දෙ‍රටේ රාජ තාන්ත්‍රික කටයුතු, වර්තමාන රජයේ සමාජ, ආර්ථික, සංවර්ධන වැඩපිළිවෙල සහ මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කරනු ලබන සැලසුම් සහිත ව්‍යාපෘති සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් සිදු කෙරිණි. මෙම සුහද හමුව සංකේතවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් කැනඩා රජයේ, දකුණු ආසියානු කාර්යාංශයේ අධක්ෂ ජනරාල්වරිය වෙත සමරු සිහිවටනයක් ද පිරිනමන ලදී. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල මහත්මිය ද එක්වූවාය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook