හිසතෙල් ගැල්වීමේ මංගල්‍යයේ ජාතික මොහොත්සවය මහනුවර දී

හිසතෙල් ගැල්වීමේ මංගල්‍යයේ ජාතික මොහොත්සවය මහනුවර දී

හිසතෙල් ගැල්වීමේ මංගල්‍යයේ ජාතික මොහොත්සවය මහනුවර දී 2025 සිංහල දමිළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමීව පවත්වන හිසතෙල් ගැල්වීමේ මංගල්‍යයේ ජාතික මොහොත්සවය මහනුවර නාථ දේවාල පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් මෙවර පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතමෙම උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික නාථ දේවාල විහාරවාසී ඇටිපොළ මහින්ද ස්වාමීන් වහන්සේගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී (05) පැවැත්විණී. එළැඹෙන අප්‍රේල් මස 16 වන දින උදෑසන 09.04 ට යෙදෙන නැකත් චාරිත්‍රයට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නාථ දේවාල පරිශ්‍රයේ දී මෙම චාරිත්‍ර සිදු කිරීමට නියමිතය. මීට සමගාමීව අලි ඇතුන් සඳහා හිස තෙල් ගැල්වීම ද සිදු කෙරේ. මෙම උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, මධ්‍යම රජයේ ආයූර්වේද දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව ශ්‍රී දළදා මාළිගාව , මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර මහනගර සභාව, මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා ත්‍රිවිධ හමුදා යන ආයතනයන්ගේ දායකත්වයන් සිදුකෙරේ.මෙවර ජාතික උත්සවය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අභයගුණවර්ධන මහතා විසින් සිදු කරන ලදී.මෙම අවස්ථාවට ශ්‍රී මහා නාථ දේවාලයේ බස්නායක නිලමේ එස්. බණ්ඩාරනායක, පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් අටම්පාවල පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් හා ශ්‍රී ලංකා පොලිසිය හා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජනය කරමින් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook