
කටුකැලේ ශ්‍රී සෙල්වවිනයාගර් ඝණදෙවි කෝවිලේ වාර්ෂික පංචරථ භවනි තේරු මහෝත්සවය
කටුකැලේ ශ්‍රී සෙල්වවිනයාගර් ඝණදෙවි කෝවිලේ වාර්ෂික පංචරථ භවනි තේරු මහෝත්සවය
මහනුවර, කටුකැලේ ශ්‍රී සෙල්වවිනයාගර් ඝණදෙවි කෝවිලේ වාර්ෂික පංචරථ භවනි තේරු මහෝත්සවය පැවැත්වීම සම්බන්යෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (05) පැවැත්විණි.
මෙවර පංචරථ භවනි තේරු මහහෝත්සවය 2025 මාර්තු මස 29 දින සවස් වරුවේ පැවැත්වෙන දූර්ගා මැණියන්ගේ පූජාවෙන් ආරම්භ වී, අප්‍රේල් මස 10 දින පංචරථ තේරු රථ වීදී සංචාරය කර, 13 දින පැවැත්වෙන බහිරව පූජාවෙන් අවසන්වේ.මෙම සාකච්ඡාවේදී තේරු උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම හා බැතිමතුන්ගේ ආරක්ෂාව, ප්‍රවාහන පහසුකම් ලබාදීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මෙම අවස්ථාව සඳහා කටුකැලේ ශ්‍රී සෙල්ව විනයාගර් ඝණදෙවි කෝවිලේ ප්‍රධාන භාරකාර ගෝවින්දසාමි ක්‍රිෂ්ණමූර්තී, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, සංස්කෘතික අධ්‍යක්ෂ ඉනෝදනි තඹවිට යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.