
මධ්‍යම පළාතේ පෙර පාසල්වලට නව ඉගෙනුම් කට්ටල
මධ්‍යම පළාතේ පෙර පාසල්වලට නව ඉගෙනුම් කට්ටල
මධ්‍යම පළාතේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ගුරුවරුන්ගේ නිපුණතා සංවර්ධනය කිරීමට උපයෝගී කරගත හැකි ඉගෙනුම් උපකරණ කට්ටල බෙදාදීම හා එම උපකරණ භාවිතය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් නවයාලතැන්න, පළාත පාලන සම්පත් මධ්‍යස්ථානයේදි (11) දින පැවැත්විණි.
මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර් තමේන්තුව සංවිධානය කළ මෙම වැඩසටහන, මධ්‍යම පළාත් ප්‍රධාන, අධ්‍යාපන හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ වාර්ෂික ප්‍රතිපාදන යොදා ගනිමින් මෙම ඉගෙනුම් උපකරණ කට්ටල මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන විසින් පාලනය කරනු ලබන මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන අසුවක් සඳහා ප්‍රදානය කෙරිණි.මෙහිදි ඉගෙනුම් උපකරණ භාවිතය පිළිබඳව දැනුවත් කිරීම මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රාථමික ගුරු උපදේශක චමිලා ගොඩැල්ලවත්ත මහත්මිය විසින් සිදු කරන ලදි.අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ සහභාගීත්වයෙන් මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන තුනක් සඳහා සංකේතවත් ලෙස ඉගෙනුම් උපකරණ කට්ටල බෙදා දෙනු ලැබූ අතර මෙම අවස්ථාවටපළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටී.කේ. ගුණතිලක යන මහත්ම මහත්මීන් සහ සභා ලේකම්වරුන්, ඇතුළු රාජ්‍ය නිලධාරීන්, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන භාර ගුරුවරුන් පිරිසක් ද එක් වූහ.