කටුගස්තොට, නවයාලතැන්න, නාගරික පෙර පාසැල  නිරික්ෂණයට

කටුගස්තොට, නවයාලතැන්න, නාගරික පෙර පාසැල නිරික්ෂණයට

කටුගස්තොට, නවයාලතැන්න, නාගරික පෙර පාසැල නිරික්ෂණයට කටුගස්තොට, නවයාලතැන්න, නාගරික පෙර පාසැල නිරික්ෂණය කිරීමට මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මිය (11) දින සහභාගී වූවාය.මහනුවර මහ නගර සභාවේ මහජනාධාර සුභ සාධක දෙපාර්තමේන්තුව මගින් පාලනය වන මෙම නාගරික පෙර පාසල, අදාර්ශ මුල් ළමා විය මධ්‍යස්ථානයක් ලෙස පවත්වගෙන යනු ලබයි.මෙහිදි මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මිය විසින් එම මුල් ළමාවිය මධ්‍යස්ථානයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය, සෙල්ලම් මිදුල සහ දරුවන්ගේ ක්‍රියාකාරකම් නිරික්ෂණයට එක් වූවාය.මෙම අවස්ථාව සඳහා මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය, මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටී.කේ. ගුණතිලක මහතා ද එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook