
වලපනේ අධ්‍යාපන කලාපයේ දෙවැනි පර්‍යේෂණ සංග්‍රහය “තිනේත්‍රා” එළිදකි
වලපනේ අධ්‍යාපන කලාපයේ දෙවැනි පර්‍යේෂණ සංග්‍රහය “තිනේත්‍රා” එළිදකි
වලපනේ අධ්‍යාපන කලාපයේ ගුරුභවතුන් හා සිසු දරුවන් විසින් සිදු කරන ලද අධ්‍යාපන පර්‍යේෂණ එකතුවක් පසු ගිය දා (07) වලපනේ ඔස්ලින්ක් සම්මන්ත්‍රණ ශාලාවේ දී “තිනේත්‍රා” නමින් එළිදක්වන ලදි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයන්ගේ හා සිසු දරුවන්ගේ දැනුම, අත්දැකීම්, හඳුනාගත් ගැටලු, යෝජනා ආදිය තෙවැනි ඇසකින් දකිමින් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීම උදෙසා පර්‍යේෂණාත්මක අත්වැලක් සැපයීම “තිනේත්‍රා” පර්‍යේෂණ අනාවරණ එළිදැක්වීමේ සමුළුවේ ප්‍රධාන අරමුණ වූහ.මෙවර මේ සඳහා වලපනේ අධ්‍යාපන කලාපයේ ගුරුමහත්ම මහත්මින් දස දෙනෙකු සහ සිසු දරුවන් දසදෙනෙකු විසින් පර්යේෂණ ඉදිරිපත් කර තිබිණි.මෙම පර්යේෂණ සමුළුව ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්-ටෙක් විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්‍ය සංජය සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මහාචාර්‍ය වෝල්ටර් සෙනවිරත්න මහතා විසින් මෙම සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරන ලදි. “තිනේත්‍රා” වැනි පර්‍යේෂණ අනාවරණ එළිදැක්වීමේ සමුළුවක් සංවිධානය කිරීම තුළින් වලපනේ අධ්‍යාපන කලාපය තුළ උසස් පර්‍යේෂණ සංස්කෘතියක් ගොඩනැගිය හැකි බව එතුමන්ගේ දේශනය තුළින් අවධාරණය කළේය. මෙම සමුළුවේ දී ගුරු-සිසු දෙපාර්ශවය ඉදිරිපත් කළ පර්‍යේෂණ අනාවරණයන් කාගෙත් ඇගයීමට ලක් වූහ.වලපනේ අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාපීය පර්‍යේෂණ සම්බන්ධිකාරක ආර්.එම්.යු.සුමුදුනි විජේසිංහ මූලිකත්වයෙන් “තිනේත්‍රා” පර්‍යේෂණ අනාවරණ එළිදැක්වීම සිදු කෙරිණි.වලපනේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.එම්.පී.දිසානායක මහත්මිය, මධ්‍යම පළාත් ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ දීපා අබේසිංහ මහත්මිය, සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, (පාලන) එම්.ඒ.ඩී.කේ.අබේරත්න ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයේ ආචාරිනි සාගරිකා ගුණතිලක, වලපනේ අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක මහත්ම මහත්මීන්, සම්පත්දායක ගුරු මහත්ම මහත්මීන්, වලපනේ අධ්‍යාපන කලාපයේ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසු දරුවන් ද සමුළුවට සහභාගී වූහ.