
මැදදුම්බර ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද කාන්තා දින වැඩසටහන
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව මැදදුම්බර ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද කාන්තා දින වැඩසටහනක් 17 දින මධ්‍යම පළාත් ,පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් තෙල්දෙණිය ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. දැයේ කාන්තාවන්ගේ අභිමානය වෙනුවෙන් කාන්තා දිනයේ තේමාව වූ “තැනුමට තිරසර හෙටක් සවිමත් ඇය වේ මගක්” යන්න අර්ථ ගන්වමින් වැඩසටහන් රැසක් මෙහිදී ක්‍රියාත්මක කෙරින. ඒ අනුව කාන්තා ව්‍යවසායකාවන්ගේ අත්කම් අළෙවි පොලක් , රූපලාවනය කටයුතු පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් , කාලීනව ඉහල යන රෝගාබාධ වලක්වා ගැනීම හා සුවපත් ජිවිතයක් වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය දේශනයක්, පාරිසරික ආරක්ෂාව සදහා මැදිහත්වීම වෙනුවෙන් පැල වර්ග බෙදාදීමක් ද මෙහිදී සිදු කරන ලදී. මෙම වැඩසටහන් සදහා පුස්තකාල පාඨක සමාජවල පාඨකයින් , ප්‍රදේශයේ ව්‍යවයාක කාන්තාවන් ඇතුළු බල ප්‍රදේශයම නියෝජනය කරමින් කාන්තාවන් රැසක් සහභාගී වුහ. ප්‍රාදේශීය සභාවේ ලේකම් චාමින්දි අමදෝරු මහත්මියගේ මගපෙන්වීම මත සංවිධානය වූ මෙම අවස්ථාවට බැංකු පද්ධතිය නියෝජනය කරමින් එහි කළමනාකරුවන් , වෙළද සංගමයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.