තරුණ බෞද්ධ සංගමයේ පනස් නවවන සංවත්සරය සැමරේ

තරුණ බෞද්ධ සංගමයේ පනස් නවවන සංවත්සරය සැමරේ

තරුණ බෞද්ධ සංගමයේ පනස් නවවන සංවත්සරය සැමරේ මහනුවර, තරුණ බෞද්ධ සංගමයේ පනස් නවවන සංවත්සර උළෙල මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංගම් ප්‍රධාන ශාලාවේ දී (22) පැවැත්විණි. මෙම සංවත්සර උළෙලේදී සංගමයේ " සංවත්සර සගරාව" එළි දැක්වීම හා වසර විස්සකට වැඩි කාලයක් සමිතියේ කාර්යයන් සඳහා දායකත්වය ලබා දුන් සාමාජිකයින් 08 දෙනෙක් සඳහා ගරු යාවජීව සාමාජිකත්වය ලබාදීමද සිදු කෙරිණි.මෙම වැඩසටහනට සමගාමීව එම සංගමය විසින් සංවිධානය කළ ක්‍රීඩා සංස්කෘතික, සාහිත්‍ය තරග ජයග්‍රහනය කළ සිසු දරුවන් සඳහා ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු කොමසාරිස් අනුරුද්ධ හේම බණ්ඩාර මහතා, මහනුවර මහ නගර සභාවේ, නාගරික කොමසාරි ඉන්දිකා කුමාරි අබේසිංහ මහක්මිය, මහනුවර තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන සභාපති ඉන්දික ප්‍රේමදාස, ප්‍රධාන ලේකම් මෛත්‍රී කවින්ද කන්කානන්ගේ, භාණ්ඩාගාරික ගමික ජයසිංහ යන මහත්වරු සමිති සාමාජිකයින් පාසල් සිසු දරුවන් පිරිසක් සහභාගීවූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook