මධ්‍යම පළාත් සභාවට නව නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයෙක්.

මධ්‍යම පළාත් සභාවට නව නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයෙක්.

මධ්‍යම පළාත් සභාවට නව නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයෙක්. මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම් ) ලෙස ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීයෙකු වන ඒ.ඒ. වීරකෝන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස් අභයකෝන් මහතා වෙතින් පත්වීම් ලිපිය භාර ගැනීම 14දින සිදු වූ අතර, අද දින (15) ඒ මහතා සිය ධුරයේ රාජකාරි කටයතු ආරම්භ කිරීම පල්ලෙකැලේ පළාත් සභා සංකීරණයේ පිහිටි ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදු විය. කොත්මලේ හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපන ලද ඔහු, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධිධාරියකු වේ.අනතුරුව ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ගන්නා ලදී. 1998 වසරේදී මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරීයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලද ඔහු, 2002.01.02 දින සිට ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයට ඇතුළත් විය. ඒ අනුව, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ග්‍රාමීය ජල සම්පාදන හා සනීපාරක්ෂක කටයුතු පිළිබඳ ව්‍යාපෘතියේ හා ප්‍රධාන ලේකම් කාර්‍යාලයේ සැලසුම් සහකාර අධ්‍යක්ෂවරයෙකු හා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කරන ලදී. එමෙන්ම , මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ, ප්‍රධාන ලේකම් කාර්‍යාලයේ හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන ) තනතුරේ රාජකාරියේ නියැලුණු ඔහු ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණිය වෙත උසස් වීම් ලද පසු 2025.05.15 දින සිට මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම් ) ලෙසින් රාජකාරි කටයුතු ආරම්භ කිරීම මෙලෙස සිදුවිය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook