මධ්‍යම පළාත් කාර්යය මණ්ඩල සමාලෝචනය කිරීම පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන

මධ්‍යම පළාත් කාර්යය මණ්ඩල සමාලෝචනය කිරීම පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන

මධ්‍යම පළාත් කාර්යය මණ්ඩල සමාලෝචනය කිරීම පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගිය දා (16) පැවැත්විණ. දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි සිදු කරනු ලබන කාර්යය මණ්ඩල සමාලෝචනය කිරීම පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ මධ්‍යම පළාත් වැඩසටහන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ සම්පත්දයකත්වයෙන් පවත්වන ලදී.ජනතාහිතවාදී ප්‍රසස්ථ සේවාවන් ලබාදීම සදහා රාජ්‍ය ආයතන පෙළගැස්වීමේ දී මානව සම්පත් කළමනාකරණය කිරීම වෙනුවෙන් නව ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබදව මෙහිදී දැනුවත් කිරීම සිදු කරන ලද අතර මධ්‍යම පළාත් සභාවේ ආයතන 102ක් නියෝජනය කරමින් නිලධාරින් 378 දෙනෙකු මේ සදහා සහභාගී විය.ජාතික නිර්ණායක මත, පළාත් සභා අවශ්‍යතා පාදක කර ගනිමින් සක්‍රිය සේවාවක් ලබාදීම වෙනුවෙන් අනවශ්‍ය රාජ්‍ය වියදම් අඩුකරමින් මහජන සේවාවන් සාර්ථකව යථාවත් කිරීම වෙනුවෙන් , වසර 12කට පසුව සිදුකරනු ලබන රාජ්‍ය ආයතනයන්හි තනතුරු සමාලෝචනය කිරීම පිළිබදව වූ දැනුවත් කිරීමේ වැඩසටහනේ දී , කාර්යමණ්ඩල හා පරිපාලන ගැටළු සදහා උපදෙස් ලබාදීම , සේවක කළමනාකරණය විධිමත් ලෙස සිදුකිරීම සදහා වන උපදෙස් ලබාදීම , රාජ්‍ය අංශය සතුව පවතින අභියෝග හා නිවැරදි ක්‍රමවේද අනුගමනයට මගපෙන්වීම් සිදු කරන ලදී. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශය ලේකම්වරුන් , නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.ඒ.කරුණාරත්න , නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දිකා අධිකාරි , සහකාර අධ්‍යක්ෂ රසික සමරකෝන් , සහකාර අධ්‍යක්ෂ සමීර හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් , මධ්‍යම පළාත් සභාවේ දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානින් ,පළාත් පාලන ආයතන ප්‍රධානින් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook