ජගත් පරිසර දිනය වෙනුවෙන් වාහන යෝග්‍යතාව පරික්ෂා කිරීමේ වැඩසටහනක්.
ජගත් පරිසර දිනය වෙනුවෙන් වාහන යෝග්‍යතාව පරික්ෂා කිරීමේ වැඩසටහනක්. පිවිතුරු හරිත නගරයක් පරිසර හිතකාමි ප්‍රවාහන සේවයක් උදෙසා Safe and Clean Transport යන තේමාව යටතේ මහනුවර නගරයට පැමිණෙන වාහනවල යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ තෙදින වැඩසටහනක් (04) දින නිමවාට පත්විය. මධ්‍යම පළාත් ප්‍රවාහන සහ මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන්, නාරාහේන්පිට මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වායු විමෝචන අංශය, මහනුවර දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය එක්ව මෙම පවත්වන ලදි. මේ යටතේ මෙම වැඩසටහන ඉකුත් 02 දින පේරාදෙණිය ගැටඹේ මංසංන්දියෙන් ආරම්භ වූ අතර 03 දින මහයියාව වේවැල්පිටිය ක්‍රිඩාංගණය අසළ හා තැන්නේකුඹුර මංසන්දීයේ දී (04) පැවැත්විණි. මගී ප්‍රවාහන පොදු බස් රථ, රජයේ වාහන මෙන්ම පුද්ගලික වාහන ද මෙහිදී පරීක්ෂා කිරීමට ලක්වූ අතර වයු විමෝචන පරීක්ෂාව, වාහන මාර්ගයේ ධාවනයට සුදුසු තත්ත්වයේ පවතීද යන්න ආදිය මෙහිදී පරීක්ෂා කිරීමට ලක් කෙරිණි. එමෙන්ම ධාවනයට නුසුදුසු වාහන සඳහා සිදු කර ගත යුතු නඩත්තු හා අලුත් වැඩියා සම්බන්ධ උපදෙස් ලබාදීමත් එවැනි වාහන සති තුනක් වැනි කාලයක් තුළදී අදාළ අළුත්වැඩියා සිදුකර මෝටර් රථ වාහන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීසට උපදෙස් ලබා දෙන ලදි. මධ්‍යම පළාත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානී පියදාස මහත්මීයගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර මෙම වැඩසටහන සඳහා මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් සමන්ති රත්නායක මහත්මිය, වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ මොටර් රථ වාහන පරීක්ෂක පද්මික සේනානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, රථ වාහන පොලිස් නිලධාරීන් පිරිසක් එක් වූහ.
