ප්ලාස්ටික් වලින් තොර හරිත වර්ණයෙන් දිදුලන පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් පෙළ ගැසෙමු.
ප්ලාස්ටික් වලින් තොර හරිත වර්ණයෙන් දිදුලන පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් පෙළ ගැසෙමු.
“Ending plastics pollution” යන ගෝලීය තේමාව පෙරදැරි කර ගනිමින් මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව මගින් ජගත් පරිසර දිනයට සමගාමීව සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහනක් (5) මහනුවර පිහිටි මාර්ග සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණ.
මෙම වැඩසටහන යටතේ කසළ කළමනාකරණය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් හා සමාජ ප්‍රජාව දැනුවත් කිරීම වෙනුවෙන් නිවාස දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වීදි නාට්‍යයක් රඟදක්වන ලදි. “ප්ලාස්ටික් දූෂණය අවසන් කරමු” යන තේමාව පාදක කර ගනිමින් මෙම වීදි නාට්‍ය රඟදැක්වීම සිදු වූ අතර මෙම වැඩසටහනට සමගාමීව බද්ධ කරන ලද කොස් පැළ ලබාදීමක් ද සිදු විය.
මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් දිලිපා රූපානි පියසේන, පළාත් නිවාස කොමසාරිස් කනිෂ්කා වඩුගොඩ යන මහත්මීන්, අමාත්‍යාංශ ,දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
