“ විවිධත්වයෙන් විවිධත්වයට ” යන්න තේමා කොට ගත් ලෝක සංස්කෘතික විවිධත්ව දිනය මධ්‍යම පළාතේ දී සැමරේ.
“ විවිධත්වයෙන් විවිධත්වයට ” යන්න තේමා කොට ගත් ලෝක සංස්කෘතික විවිධත්ව දිනය මධ්‍යම පළාතේ දී සැමරේ.
මෙරට පාසල් අධ්‍යාපනය විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් ලෙස සකස් වීම හේතුවෙන් දරුවන් සම්පුර්ණයෙන්ම කලාවෙන් ඇත් කර තිබෙන බවත් මේ පවතින අධ්‍යාපන ක්‍රමය ඇතුලේ කිසි දිනක සංස්කෘතික මිනිසෙකු නිර්මාණය නොවන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බි.එස් අභයකෝන් මහතා මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවසිය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ පළාත් ආණ්ඩුකාරවරයා , “ කලාව දරුවන් තුල ප්‍රවර්ධනය කිරීමේ වගකීම අපට තිබෙනවා. පවතින අධ්‍යාපනය තුලින් මේවා ඉගෙනීමට සහ ප්‍රගුණ කිරීමට අවස්ථා තිබිය දී ඒ අවස්ථාවන් මග හරින තත්වයක් උදාවී තියෙනවා. ඉන් පළවෙනිම වැරැද්ද තමා පහවසර ශිෂත්ව විභාග තරගය. ඒ තරගයට දරුවන් පළමු පන්තියේ සිටම හුරුකරවනවා . කලාවෙන් ඈත් කරනවා පළමු වෙනි පන්තියේම ඉදලා ටියුෂන් පන්තිවලට යන්න පුරුදු වෙනවා. අපි හිතනවා අනාගතයේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් මේවා මග හැරෙයි කියලා “ යැයි පැවසිය.
ලෝක සංස්කෘතික විවිධත්ව දිනයට සමාගාමීව මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබූ මධ්‍යම පළාත් සංස්කෘතික විවිධත්ව උළෙලට සහභාගී වෙමින් ආණ්ඩුකාරවරයා මෙසේ අදහස් දැක්විය.
එහිදී පාසල් මට්ටමින් සහ විවෘත අංශ මගින් “ විවිධත්වයෙන් විවිධත්වයට ” යන්න තේමා කොට ගෙන පවත්වනු ලැබූ චිත්‍ර නිර්මාණ තරගයේ ජයග්‍රාහක ජයගහිකාවන් සදහා සහතික පත්‍ර හා ත්‍යාග පිරිනැමීම සිදු කෙරෙණි.
එහිදී සංස්කෘතික විවිධත්ව චිත්‍රයන් තුළ නිරූපනය වන සමාජ මනෝ විද්‍යාත්මක පසුබිම පිළිබද සංශිප්ත දේශනයක් මනෝ විද්‍යාඥ අභිප්‍රේරණය පිළිබද උපදේශක ඉසුරු සමරකෝන් මහතා විසින් පවත් වනු ලැබූ අතර, සංස්කෘතික විවිධත්වය සුරක්ෂිත කිරීමේහි ලා සමාජ මාධ්‍ය භාවිතය හා එහි වගකීම පිළිබද විද්වත් දේශනය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ජගත් කුලතිලක මහතා විසින් පවත්වන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා වේ අංගම්පොර සංචිතයේ මගින් ශ්‍රී ලංකේය සංස්කෘතියේ ඉංශ්‍රිසින් අධිරාජ්‍ය පාලනයේ තහනම් කරන ලද හෙළ සටන් කලාවක් වන අංගම්පොර සංදර්ශනයක් පැවැත්විණ.
එහිදී ආණ්ඩුකාර එස්.බි.එස් අභයකෝන් මහතා මෙසේද පැවසිය.
සංස්කෘතියටත් එක්ක බැතිච්චි දෙයක් තමා ශිෂ්ඨාචාරය කියනේ.සංස්කෘතිය ශිෂ්ඨාචාරය තුල මිනිසුන් කණ්ඩායම අතර විවිධාකාර සංස්කෘතීන් ගොඩ නැගෙනවා. සංස්කෘතික පුත්ගලයෙක් බිහි කිරීම තමා අපේ සමාජය විසින් කල යුතු වන්නේ. සංස්කෘතික පුද්ගලයෙක් බිහි වුනේ නැතිනම් කවම දාකවත් රටටවත් ජාතියටවත් ඉදිරියට යාමට නොහැකි බවත් එම මහතා පැවසිය.
සංස්කෘතික පුද්ගලයා කියන්නේ පොත පතේ දැනුම විතරක් ලබා ගත්ත පුද්ගලයා නොවේ. පොතපතේ අධ්‍යාපන දනුම ලැබිය යුතු තමා. නමුත් ඊට අමතරව සංස්කෘතික පුද්ගලයා පෝෂණය වෙනවා සංගීතයෙන්,කලාවෙන්,සාහිත්‍ය වගේ දේවල් වලින්.එහෙම නැතිව සංස්කෘතික මිනිසෙක් බිහි වෙන්නේ නැහැ .අපට හැමදාම යුද්ධ බලා පොරොත්තු වෙන්න වෙයි. ලෝකයේ සෑම කෙනාටම සෑම දෙකටම ගෞරව කරන කෙනෙක් අවශ්‍යය බවත් එම මහතා පැවසිය.
මෙම අවස්තාව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,මධ්‍යම පළාත් ප්‍රධාන හා සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන ,පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ ටී.එම්.ඉනෝදනී තඹවිට යන මහත්ම මහත්මීන් හා කලයාතන,පාසල් සිසු සිසුවියන්,ත්‍රිවිද හමුදා නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී විය.
