මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වේ

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වේ

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපතිවරුන් වන කෘෂි කර්ම, පශු සම්පත්, වාරි මාර්ග හා ඉඩම් අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී අද දින (27) දින පැවැත්විණ. මෙහිදී මහනුවර දිස්ත්‍රික්කය තුළ මේ වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන යෝජනා සම්බන්ධයෙන් ඒ ඒ ආයතනයන්හි ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදු වූ අතර, දිස්ත්‍රික්කයේ පොදුජන අවශ්‍යතා ඉටු කිරීමේදී ප්‍රමුඛතාවය ලබා දියයුතු අංශ කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කරන ලදි. ඒ අනුව මාර්ග සංවර්ධනය ,විදුලිය, සෞබ්‍යය , ප්‍රවාහන කටයුතු , අධ්‍යාපනය , ජල සම්පාදනය , කෘෂි කර්මාන්තය මෙන්ම දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය ඇතුළු අංශ රැසක් පිළිබදව මෙහිදී කරුණු සාකච්ජා කරන ලදී.මෙහිදී මහනුවර දිස්ත්‍රික්කය තුළ විශේෂ සංවර්ධන වැඩසටහන් යටතේ රුපියල් මිලියන 500ක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්,ඒ යටතේ ව්‍යාපෘති දොළහක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට පවති. එසේම වැවිලි ප්‍රජා හා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ වතු ආශ්‍රිත ආපදා නිවාස ව්‍යාපෘතියක් මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ නිවාස තිහක් සඳහා රුපියල් මිලියන අනූ හයක මුදලක් වෙන්ව ඇති බවත්, උඩපළාත හා දොළුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ මෙම නිවාස ඉදිකිරීමට නියමිතය. මෙහිදී දිර්ග කාලයක් ප්‍රමුඛ ගැටලුවක්ව පැවති වර්ෂා දිනවලදී පිගා ඔය පිටාර ගැලීමෙන් අකුරණ නගරයට සිදුවන ව්‍යසනය වළක්වා ගැනීම වෙනුවෙන් සිදුකරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අකුරණ ප්‍රාදේශීය සභාව සඳහා බලය ලබාදීම සිදු වූ අතර අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවත් කිරිමට ප්‍රාදේශීය සභාව ඇතුලු අදාළ රාජ්‍ය අංශ වහා පියවර ගත යුතු බව ද කමිටුව අවධාරණය කරන ලදී. මහනුවර දිස්ත්‍රික්කය තුළ කිසිදු අයුරකින් අනවසර ඉදිකිරීම් හෝ වෙනත් ක්‍රියාවන් මින් ඉදිරියට සිදු නොවීමට කටයුතු යෙදිය යුතු බවත්, වගවිමෙන් රාජ්‍ය ආයතන ඒ සඳහා කටයුතු කළ යුතු බවද නාගරික ප්‍රදේශ වල අනවසර ලෙස වෙළඳාම් කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවද කමිටුව තීරණය කරන ලදී.මෙම අවස්ථාව සදහා ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇතුළු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , මෙවර මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා පත්වූ නගරාධිපතිවරුන්, සභාපතිවරුන් , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශය ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින් , දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook