“බස වඩමු - හද දිනමු”රාජ්‍ය භාෂා සතිය සැමරුම
රාජ්‍ය භාෂා සතිය සැමරුම වෙනුවෙන් සංවිධානය කරන ලද මධ්‍යම පළාත් වැඩසටහන කුණ්ඩසාලේ පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී අද දින (02) පැවැත්විණ.
“බස වඩමු - හද දිනමු”යන තේමාව මුලික කරගෙන මෙම සැමරුම් වැඩසටහන සංවිධනය වී පැවතුනී. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අර්ථ ගැන්වීම වෙනුවෙන් ජුලි මස පළමුවන දිනය රාජ්‍ය භාෂා දිනය ලෙස නම් කොට පවතී. සමාජ යහ පැවැත්ම වෙනුවෙන් භාෂාවේ වැදගත්කම , සහජීවනය අර්ථ ගැන්වීම , මුලික අයිතිවාසිකම් සුරැකීම , සංවර්ධනය වෙනුවෙන් භාෂා භාවිතය යන මුලික කරුණු මත ලෝක ප්‍රජාවම එකම ලෝකයක් ලෙස සලකමින් රාජ්‍ය භාෂා දිනය සැමරීම වෙනුවෙන් රාජ්‍ය භාෂා සතියක් (ජුලි 01 සිට ජුලි 05 දක්වා) රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කොට පවතින අතර මිට සමගාමිව මෙම පළාත් වැඩසටහන සංවිධානය වී පැවතුනි. මධ්‍යම පළාත් සැමරුම් වැඩසටහනේ ප්‍රධාන දේශනය “බස - ආලෝකයයි”යන තේමාව පාදක කරගනිමින් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) සමිත දුනුකේපොත මහතා විසින් සිදු කරන ලදී. “බස - ආලෝකයයි, නගමු බස - සුරකිමු රට , බසක අරුණලු” යන ප්‍රධාන තේමාවන් ඔස්සේ දිනකට එක් තේමාවක් යටතේ මෙම භාෂා දින සති සැමරුම් වැඩසටහන ක්‍රියාත්මක වේ.මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා මාණ්ඩලික නිලධාරින් ඇතුළු පළාත් රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.
