මැදරටට සංචාරක උපාය මාර්ගික සැළැස්මක්.

මැදරටට සංචාරක උපාය මාර්ගික සැළැස්මක්.

මැදරටට සංචාරක උපාය මාර්ගික සැළැස්මක්. මධ්‍යම පළාතේ සංචාරක උපාය මාර්ගික සැළැස්ම සකස් කිරීම පිළිබඳ වැඩමුළුවක් පල්ලේකැලේ, ප්‍රධාන හා සංචාරක අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී (14) දින පැවැත්විණි. මධ්‍යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරයක දෙපාර්තමෙන්තුව සහ සංචාරක අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තියට අනුගත වෙමින්, පළාත් මට්ටමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩමුළුව ලෙස සංවිධානය කර තිබිණි. මෙහිදි මධ්‍යම පළාතේ සංචාරක උපාය මාර්ගික සැළැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක කළමනාකරණ ආයතනයේ සභාපති ධීර හෙට්ටිආරච්චි, අචාර්ය සමන්ත පතිරණ, සංචාරක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එච්.පි. සෝමතිලක යන මහත්වරුන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදි. එමෙන්ම මීට සමගාමීව සංචාරක උපාය මාර්ගික සැළැස්ම සකස් කිරීම සඳහා අවශ්‍ය යෝජන, අදහස් වැඩමුළුව සඳහා සහභාගී වූ පිරිසගෙන් ලබා ගැනීම ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මිය, සංචාරක අමතාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්.එල්. නසීර්, මධ්‍යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරයක දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ සඳමාලී හේව‍ෙගේ මහත්මිය ඇතුළු සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කරනු ලබන රාජ්‍ය, පෞද්ගලික අංශ නිලධාරීන් සහ සංචාරක සංගම් නියෝජිතයින් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook