“පරිසරය පූජනීයයි” පාරිසරික සත්කාර ශ්‍රමදාන වැඩසටහන මෙවරත්

“පරිසරය පූජනීයයි” පාරිසරික සත්කාර ශ්‍රමදාන වැඩසටහන මෙවරත්

“පරිසරය පූජනීයයි” පාරිසරික සත්කාර ශ්‍රමදාන වැඩසටහන මෙවරත් ඓතිහාසික සෙංකඩගල දළදා පෙරහැරට සමගාමීව මධ්‍යම පළාත් කෘෂිකර්ම සහ පරිසර අමාත්‍යාංශය , මධ්‍යම පළාත් සභාව ඇතුළු සියලු රාජ්‍ය ආයතනයන් සහ ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන ලබන පරිසරය පූජනීයයි ශ්‍රමදානය වැඩසටහන තෙදිනක් පුරා 26,27,28 දිනවල දී පැවැත්විණි.දළදා පෙරහරට පිදෙන පාරිසරික සත්කාරික උපහාරයක් ලෙස දළදා පෙරහැරට පුර්වයෙන් මහනුවර නගරය හා ඒ අවට ප්‍රදේශය පවිත්‍ර කිරීමේ කාර්යය මෙම ශ්‍රමදානයක් මගින් කෙරෙන අතර, මෙවරද මහනුවර නගරය ආවරණය කරමින් වැඩසටහන ක්‍රියාත්මක විය. මෙම වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් කෘෂිකර්ම අමාත්‍යංශය ලේකම් චන්දන වික්‍රමසූරිය මහතාගේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරිණි.මේ සඳහා මධ්‍යම පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආයතන ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදා, ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ, මහනුවර මහ නගර සභාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය භට ඛණ්ඩ, ඇතුළු ආයතන රැසක පිරිස් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook