ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි” සිතුවම් දැක්ම ශ්‍රී දළදා මඟුල් මඩුවේදී

ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි” සිතුවම් දැක්ම ශ්‍රී දළදා මඟුල් මඩුවේදී

ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි” සිතුවම් දැක්ම ශ්‍රී දළදා මඟුල් මඩුවේදී ඓතිහාසික කන්ද උඩරට ශ්‍රී දළදා ඇසළ පෙරහර මහා මංගල්‍යය සමගාමීව ශ්‍රී දළදා මාළිගාව මගින් සංවිධානය කරනු ලබන ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි” සිතුවම් දැක්ම ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේදී මහජන ප්‍රදර්ශණය සඳහා විවෘත කිරීම ශ්‍යාමෝලිපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනු නායක වේඩරුවේ උපාලි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් , මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතාගේ සහභාගීත්වයෙන් අද දින (30) ආරම්භ කෙරිණ.දිවයින පුරා විසිර සිටින සිතුවම්කරණයේ දක්ශයින් අතින් චිත්‍රණය වූ මෙම අලංකාරවත්ම සිතුවම් එකතුව ජූලි 30 දින සිට අගෝස්තු 03 වන දින දක්වා ශ්‍රී දළදා පෙරහැරට සමගාමීව මහනුවර මඟුල් මඩුවේ දී මහජන ප්‍රදර්ශණය කෙරේ. මීට සමගාමීව තරඟය හා ප්‍රදර්ශණයට සඳහා ලැබෙන ලද සියළුම සිතුවම් එකම ස්ථානයකින් Virtual Exhibition එකක් ආකාරයට නැරඹීමේ පහසුකම ද සළසා ඇත. වාර්ෂිකව සංවිධානය කෙරෙන හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය වන ශ්‍රී දළදා පෙරහැර පිළිබඳව අත්දුටු සිතුවම් 5950 ක් මේ සඳහා ලැබී පැවති අතර ඉන් තෝරාගත් සිතුවම් මෙහිදී ප්‍රදර්ශනය සඳහා තබා ඇත.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධූපානි පියසේන , නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ, බෞද්ධ කටයුතු කොමසාරිස් අනුරුද්ධ හේම බණ්ඩාර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් වන සුදර්ශන බණ්ඩාර , රෝහිත දසනායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook