ශ්‍රී දළදා පෙරහැර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන සංදේශය ජනපති තුමන් වෙත නිල වශයෙන් දැනුම් දෙයි

ශ්‍රී දළදා පෙරහැර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන සංදේශය ජනපති තුමන් වෙත නිල වශයෙන් දැනුම් දෙයි

මහනුවර, ශ්‍රී දළදා පෙරහැර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන සංදේශය ජනපති තුමන් වෙත නිල වශයෙන් දැනුම් දෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා මංගල්‍යය පෙරහැර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් 09 දින පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය. මෙහිදි පෙරහැර මංගල්‍යයට දායක වූ කලාකරුවන් ඇගයීමේ තිළිණ ප්‍රදානය කිරීම ජනපතිතුමන් අතින් සිදුවිය.ආර්ථීක අසීරුකම් හමුවේ කලාවට ප්‍රවේශවන නවක කලාකරුවන් සඳහා වෙස් ඇදුම් කට්ටල ප්‍රදානය කිරීමට පෙරහැර භාරය සැලසුම් කර ඇති අතර එය සංකේතවත් කරමින් සිව් මහ දේවාල සඳහා මූල්‍ය ආධාර සහිත ලිපි ප්‍රදානය කිරීම ද එහිදී සිදුකෙරිණි.අනතුරුව දියඩවන නිලමේවරයා ප්‍රධන සිව් මහ දේවාල පිටිසර බද දේවාල වෙත තිළිණ ප්‍රදානය කිරීම ද එහිදි සිදුවිය.මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්, මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මහතා ඇතුලුව මහජන නියෝජිතයන් නිලධාරීන් සහ කලාකරුවන් රැසක් සහභාගීවූහ. (ඡායාරූප - ජනාධිපති මාධ්‍යය ඒකකය)

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook