විසිට් කැන්ඩි’ සාර්ථකව අවසන් කෙරේ
විසිට් කැන්ඩි’ සාර්ථකව අවසන් කෙරේ
මධ්‍යම පළාත් වෙළද වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව මගින් සංවිධනය කරනු ලබන ‘විසිට් කැන්ඩි’ (VISIT KANDY) සංචාරක ප්‍රවර්ධන වැඩසටහන සිව්වන දිනය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් ආයතන පරිශ්‍රයේදී (KCC) පසුගිය දා (10) ආරම්භ කෙරිණි.
මහනුවර ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයට සමගාමීව මහනුවර නගරය වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සදහා දේශීය සංස්කෘතිකාංග, දේශීය සාම්ප්‍රදායික ආහාරපාන, අත්කම් නිපැයුම් ඇතුළු අංශ රැසක් එක් කරමින් මෙම ප්‍රදර්ශනය සංවිධනය කර තිබිණී.
මෙම වැඩසටහන ඉකුත් අගෝස්තු 07,08 හා 09 යන දිනවලදී පැවති අතර සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ව්‍යවසායකයින් , රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශව කරුවන් සම්බන්ධ කර ගනිමින් වෙළද ප්‍රදර්ශනයක් මෙන්ම විදේශීය සංචාරකයින් හට මෙහිදී ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමේ අවස්ථා උදා කරමින් මධ්‍යම පළාතේ අනන්‍යතාවය විදහා දක්වන සංස්කෘතිකාංග සංදර්ශනයන් ද දිනපතා පැවැත්විය.
මෙම වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන සංචාරක අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන, සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සදමාලි හේවගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
