මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය
මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප 15ක් නියෝජනය කරමින් මෙම තරගාවලිය සදහා බාලක බාලිකාවන් තරගවදින අතර ඉදිරියේදී පැවත්වෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සදහා මධ්‍යම පළාත නියෝජනය කරමින් සුදුස්සන් තෝරා ගැනීම වෙනුවෙන් මෙම තරගාවලිය සංවිධානය කෙරේ. මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් ජයග්‍රාහකයින් වෙත ජය සංකේත ප්‍රධානය කිරීම ද මෙහිදී සිදුවිය.
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ) සංජිව වීරක්කොඩි මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අංශය මගින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය පුරා දින පහක් බෝගම්බර ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
