මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමීටු රැස්වීම

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමීටු රැස්වීම

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමීටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් හා කෘෂි කර්ම, පශු සම්පත්, වාරි මාර්ග හා ඉඩම් අමාත්‍ය කේ.ඩි.ලාල්කාන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පසුගිය දා (27)පැවැත්විණ. පසුගිය කමිටුවේදී යොමුකළ ගැටලුවල ප්‍රගතිය පිළිබදව කරුණු සාකච්ජා කිරීමෙන් පසුව මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ පොදු ගැටළු නිරාකරණය කිරීම සදහා අත්‍යාවශ්‍ය සේවා සැපයීම් කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් කමිටු තීරණ රැසක් මෙහිදී ගනු ලැබු අතර, දිස්ත්‍රික්කය තුළ එක් එක් ක්ෂේත්‍රයන් හි ක්‍රියාත්මක වන සියළු ව්‍යාපෘති වල මුල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබදව විමසීම සිදු කරන ලදී. කඩිනමින් ව්‍යාපෘති අවසන් කිරීමේ අවශ්‍යතාව මෙහිදී අදාල ආයතන වෙත සම සභාපතිවරුන් පෙන්වාදෙන ලද අතර එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පවතින ගැටළු පිළිබදව ද කරුණු සාකච්ජා කිරීම සිදු විය. මහනුවර දිස්ත්‍රික්කය තුළ ග්‍රාමීය මාර්ග සංවර්ධනය යටතේ ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක කිරීම සදහා වෙන්කොට පවතින මුදල රුපියල් මිලියන 257කි. ග්‍රාමීය පාසල් හා යෞවන සමාජ සදහා ක්‍රීඩා යටිතල පහසුකම් ලබාදීමේ වැඩසටහන සදහා දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතාවයක් ලබාදීමට ද සැලසුම් කෙරේ. පළාත් සභා සංවර්ධන වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කය සදහා රුපියල් මිලියන 5496ක් වෙන්කොට පවතින අතර එමගින් ව්‍යාපෘති 2467ක් විෂය ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ක්‍රියාත්මක කෙරේ. අධ්‍යාපනය , කෘෂිකර්මය , සෞබ්‍යය , මාර්ග සංවර්ධනය , කර්මාන්ත සංවර්ධනය ඇතුළු ප්‍රධාන අංශයන් මේ යටතට අයත්වේ. ජල සම්පාදනය , නිවාස ඉදිකිරිම , වතු නිවාස සංවර්ධනය , මහනුවර බහුවිද ප්‍රවාහන පර්යන්තයේ සංවර්ධන කටයුතු , අපනයන කෘෂිකර්මය , වාරි මාර්ග සංවර්ධනය , ග්‍රාමීය පාලම සංවර්ධනය කිරීම ඇතුළු මෙම වර්ෂයට අදාළ සංවර්ධන කටයුතු පිළිබදව ඒ ඒ ආයතන මගින් දැනට පවතින ප්‍රගතිය පිළිබදව හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව පැහැදිලි කිරීම මෙහිදී සිදු විය. මෙම අවස්ථාව සදහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වෛද්‍ය ප්‍රසන්න ගුණසේන,වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුන් ඇතුළු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින්, දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook