මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව. මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී (28 දින) පැවැත්විණි. මෙහිදී මාතලේ දිස්ත්‍රික්කය වෙනුවෙන් මෙම වර්ෂයේදී ක්‍රියාත්මක කරනු ලබන සියලු ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමටත් මෙම වර්ෂයට වෙන්කළ මුදල් කිසි ලෙසකින් එළඹෙන වර්ෂයට අවිච්චින්න නොවීමට කටයුතු කරන ලෙස සම සභාපතිවරුන් සියළු ආයතන වෙත දන්වන ලදී. මධ්‍යම පළාත් සභා සංවර්ධන වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රභවයන් 07ක් යටතේ රුපියල් මිලියන 2794ක් වෙන්කර ඇති අතර එමගින් වැඩ ඒකක 1357 ක් ක්‍රියාත්මක කිරීමට නියමිත ය. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ව්‍යාපෘති 531 ක්, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ව්‍යාපෘති 253ක්, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ව්‍යාපෘති 246ක්, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ව්‍යාපෘති 89ක්, ප්‍රධාන ලේකම් කාර්යාලය යටතේ ව්‍යාපෘති 48 ක් ලෙසින් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වේ. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් විමධ්‍යගත සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති 47ක් ක්‍රියාත්මක වන බවත්, මේ වන විට 16ක වැඩකටයුතු අවසන් කොට ඇති බවත් දන්වන ලද අතර දිස්ත්‍රික්කයේ පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් 11 තුළ විවිධ ක්ෂේත්‍රවල සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 400 අධික ප්‍රමාණයක් වෙන්කොට ඇත. මාතලේ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 09ක සංවර්ධන කටයුතු ආරම්භ කොට පවතින බවත්, වතු ආශ්‍රිත ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස වැඩසටහන යටතේ නිවාස 23ක් මාතලේ දිස්ත්‍රික්කය තුළ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 77.4 වෙන්කොට පවතින බව අනාවරණය වූ අතර මෙම කටයුතු මේ වන විට ආරම්භ කොට ඇති බවත් දන්වන ලදී. මෙම වර්ෂය තුළදී සංචාරක කර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් සීගිරිය හස්ත කර්මාන්ත ගම්මානය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 37ක් වෙන් කෙරේ. දිස්ත්‍රික්කයේ සමෘද්ධි වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 137 දෙනෙකු සවිබල ගැන්වීම වෙනුවෙන් රුපියල් මිලියන 10.7 ක් වෙන්කොට ඇති අතර මේ වන විට විවිධ තේමා යටතේ කටයුතු ආරම්භ කිරීම ට කටයුතු යොදා ඇත. දිස්ත්‍රික්කය තුළ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් රුපියල් මිලියන 96ක් යොදවමින් ව්‍යාපෘති 79ක් ක්‍රියාත්මක වන බව ද මෙහිදී තහවුරු විය. එසේම එක මිටට ගොවි බිමට වැඩසටහන යටතේ වගා නොකළ ඉඩම් නැවත වගා කිරීම සඳහා ව්‍යාපෘති 10 ක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව ඉඩම් හෙක්ටයාර 1000 ක් මේ යටතේ යොදා ගැනීමට අපේක්ෂිතය. මෙම අවස්ථාව සඳහා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් හේමන්ත පෙරේරා, දීප්ති වාසලගේ, මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී.නිමලසිරි යන මහත්ම මහත්මීන්, නගරාධිපතිවරුන් , ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම් වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook