උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරමින් බහු අධ්‍යාපන ප්‍රවේශයක් වෙනුවෙන් නව ආයතනයක් ස්ථාපිත කිරීමට සැලසුම් කෙරේ.
උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරමින් බහු අධ්‍යාපන ප්‍රවේශයක් වෙනුවෙන් නව ආයතනයක් ස්ථාපිත කිරීමට සැලසුම් කෙරේ.
මහනුවර පාදක කර ගනිමින් මෙම ආයතනය ස්ථාපිත කිරීමට සැලසුම් කෙරෙන අතර එහිදී නව ලෝක ප්‍රවණතා සමගින් අධ්‍යාපන අවස්ථා ලබා ගැනීමටත්, නව ලෝක රැකියා වෙළෙඳපොළට ප්‍රවේශවීම සදහා අවස්ථාවන් ඇති කිරීමටත් සැලසුම් කෙරේ. එසේම සියලු පහසුකම් සහිතව අධ්‍යාපනය ලැබීමට අවස්ථාවන් ඇතිකිරීම, සම්මන්ත්‍රණ පැවැත්වීමේ පහසුකම්, පරිසර හිතකාමී වටපිටාවක් තුළ ඉගෙනුම් ක්‍රියාවලිය සිදුකිරීම, වාහන නැවැත්වීමේ පහසුකම්, ක්‍රීඩා පහසුකම්, නේවාසික පහසුකම් ඇතුළු සියලු ප්‍රවේශයන් සහිතව මෙය ස්ථාපිත කිරීමට නියමිතය.
මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ මැදිහත්වීමෙන්(REDA) Orion City ලෙස මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරෙන අතර ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා වූ සාකච්ඡාවක් පසුගියදා (26) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා සමග ආයතන කළමණාකාරීත්වය විසින් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විණ.
එහිදී ආයතනය ස්ථාපිත කිරීම, පවත්වාගෙන යාම , සමස්ත ක්‍රියාවලිය සිදුවන ආකාරය හා ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව මෙන්ම කොළඹින් පසුව මහනුවරට ලැබෙන සුවිශේෂීම අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස මෙහි ස්ථාපිත කිරීම හා ඊට අදාළ කටයුතු පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.
මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ආනන්ද ස්ටීවන් ,කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ අමිල නවරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.
