මහනුවර නාගරික බල ප්‍රදේශයේ වැසි ජලය කළමනාකරණය විධිමත් කිරීම වෙනුවෙන් නව වැඩසටහනක් දියත් කෙරේ.
මහනුවර නාගරික බල ප්‍රදේශයේ වැසි ජලය කළමනාකරණය විධිමත් කිරීම වෙනුවෙන් නව වැඩසටහනක් දියත් කෙරේ.
දීර්ග කාලයක සිට අධික වර්ෂා කාලවලදී නගරයේ විවිධ ස්ථානයන් ආපදාවට ලක්ව ඇති අතර එම තත්ත්වයන් වලක්වා ගැනීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඒ පිළිබදව විශේෂ සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා (28) පැවැත්විණ.
මහනුවර තපෝවනය - උඩවත්තකැලය ආශ්‍රිතව වැසි ජලය නිසි ලෙස බැස නොයාමෙන් ඇතිවන බලපෑම අවම කිරිම , විදිමත් කානු පද්ධතියක් ස්ථාපිත කිරීම , අපද්‍රව්‍ය ඒකරාශිවිම වැලැක්වීම , අතීතයේ පැවති නාගරික ජලය බැසීමේ උමන් මාර්ග නිසිලෙස නඩත්තු කිරීම යන කරුණු කෙරෙහි මෙහිදී කරුණු සාකච්ජා විය.
මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා )එන්.විජේකෝන් , නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ , ශ්‍රී දළදා මාළිගාවේ පරිපාලන ලේකම් අනුර බණ්ඩාර, ආණ්ඩුකාර සහකාර ලේකම් චාමර අලහකෝන් යන මහත්ම මහත්මීන් , වාරිමාර්ග දෙපාර්තමේන්තුව , ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව , මහනුවර මහා නගර සභාව ඇතුළු ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරින් සහභාගී විය.
