ජාතික සංහිඳියාවට මහනුවර මහජන සභාව රැස්වේ.
ජාතික සංහිඳියාවට මහනුවර මහජන සභාව රැස්වේ.
‘ජාතික සංහිඳියා ප්‍රවේශය ශක්තිමත් කරමු’ මහනුවර මහජන සභාව, ‘ජාතික සංහිඳියා ප්‍රවේශය ශක්තිමත් කරමු’ තේමාව යටතේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්, මහනුවර ජින්නා සම්මන්ත්‍රණ ශාලාවේ දී (29) පැවැත්විණි.
ශ්‍රී ලංකා ජතික සාම මණ්ඩලය සහ මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව සමග එක්ව මෙම වැඩසටහන සංවිධාකය කර තිබිණි.
මහ ජාතිය සමග සුළු ජාතිය නොව මහ ජාතිය සමග සහෝදර ජාතිය, සහෝදර ආගම් ලෙස භාවිතා කිරීම සදහා විද්වත් අදහස් ලබා ගැනීමේ කතිකාවතක් මීට සමගාමීව පැවැත්විණි. ඒ සඳහා ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ජෙහාන් පෙරේරා මහතා ඇතුළු පිරිසක් විසින් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සිදු කරන ලදි.
මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයින්, මහචාර්යවරුන් වන උපුල් බී, දිසානායක, රෝහණ ලක්ෂමන් පියදාස, ඒ.එච්.එම්. සිද්දික්, එම්.එස්.එම්. අස්ලම් යන මහත්වරුන්, මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටු නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක් වූහ.
