මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල විශේෂ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක්

මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල විශේෂ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක්

මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වල විශේෂ ප්‍රගති සමාලෝචන සාකච්ජාවක් පල්ලේකැලේ පිහිටි ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරය දී පසුගිය දා (02) පැවැත්විණ.මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්ධීකරණ කමිටු සභාපති මංජුල සුරවීරආරච්චි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මෙහිදී අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හතක ප්‍රගතිය විමසීමට ලක් කරන ලද අතර දිස්ත්‍රික් වශයෙන් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති වල දැනට පවතින ප්‍රගතිය පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම සිදු විය. වර්ෂය අවසාන වන විට ලැබී පවතින මුදල් නිසිලෙස සම්පුර්ණ යෙන් ඵලදායීව යෙදවීම , ඒ සඳහා පවතින ගැටළු පිළිබඳව හා 2026 වර්ෂයේ නව සැලසුම් පිළිබඳව කරුණු විමර්ශනය කිරීම මෙහිදී සිදු විය.පළාත් සංචාරක දෙපාර්තමේන්තුව මගින් මධ්‍යම පළාත තුළ ව්‍යාපෘති 63ක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා රුපියල් මිලියන 173ක් වෙන් කොට පවතී. ප්‍රධාන ව්‍ යාපෘතින් ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ 11 ක්, මාතලේ දිස්ත්‍රික් කයේ 07ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ 11 ක්‍රියාත්මක වේ.මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් පළාතේ ක්‍රීඩා සංවර්ධන වෙනුවෙන් ව්‍යාපෘති 55ක් ක්‍රියාත්මක වේ. මේ සදහා වෙන්කොට පවතින මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 86.4 කි. පළාත් ක්‍රීඩා සංකීර්ණයේ කටයුතු විධිමත් කිරීම, ක්‍රීඩකයින් ගේ රැකවරණය හා සංවර්ධනය පිළිබඳ මෙන්ම ක්‍රීඩා පිටි සංවර්ධනය, ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු අංශ රැසක් පිළිබඳව මෙහිදී කරුණු සාකච්ජා කරන ලදී.පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් මෙම වර්ෂයේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති 570ක් වෙනුවෙන් රුපියල් මිලියන 57.2 වෙන්කොට පවති. පළාතේ සංස්කෘත උරුමයන් ආරක්ෂක කර ගැනීම , අනාගත පරපුර වෙත දායාද කිරීම ඇතුළු අංශ රැසක් වෙනුවෙන් මෙම ව්‍යාපෘති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සැලසුම් කෙරේ.පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් ව්‍යාපෘති 46ක් පළාත තුළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 11.5ක් ද , ඉඩම් දෙපාර්තමේන්තුව මගින් පළාතේ ක්‍රියාත්මක වැඩසටහන් සදහා රුපියල් මිලියන58.1 වෙන්කොට පවතින අතර එම වැඩසටහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක වේ. පූර්ව ළමාවිය සංවර්ධන ඒකකය මූලික අරමුණු පහක් වෙනුවෙන් පළාත තුළ ක්‍රියාත්මක වේ. ඒ අනුව බලතල 16 ක් යටතේ ක්‍රියාත්මක වැඩසටහන් පළාතේ පවතින 3074 ක් වූ පිහිටි පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වල ක්‍රියාත්මක කෙරේ. පළාත් මාධ්‍ය ඒකකය මගින් ව්‍යාපෘති 10ක් මෙම වර්ෂය තුළදී ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ සඳහා වෙන්කොට පවතින මුදල් ප්‍රමාණය රුපියල් මිලයන 6.3කී.ඉහත ආයතන සියල්ල මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් හා එහි ප්‍රගතිය , මේ වන විට පවතින තත්ත්වය මෙන්ම පවතින ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ජා කිරීම සිදු විය. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මාධූපානි පියසේන , මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ඒ.ජි. මුදියන්සේ ,ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී.මද්දුමආරච්චි , සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සදමාලි හේවගේ, සංස්කෘතික අධ්‍යක්ෂ ඉනෝදනි තබවිට, ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එච්. යු. නිශාන්ත, ඉඩම් කොමසාරිස් මනෝෂා විජේතුංග , පූර්ව ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටී.කේ. ගුණතිලක, යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook