මධ්‍යම පළාතේ ශාසනාරක්ෂක මණ්ඩල සවිබල ගැන්වීම සැලසුම් කෙරේ.
මධ්‍යම පළාතේ ශාසනාරක්ෂක මණ්ඩල සවිබල ගැන්වීම සැලසුම් කෙරේ.
මධ්‍යම පළාතේ ශාසනාරක්ෂක මණ්ඩල සවිබල ගැන්වීම වෙනුවෙන් වූ විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. ආභයකොන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (04දින) මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විණ.
රාමඤ්ඤ නිකායේ අනුනායක මැදමහනුවර සදසිරිදුනුවිල තපෝවන පිරිවෙන් විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය අංකුඹුරේ පේමවංස ස්වාමීන් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී අති පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඇතුළු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩල වල ලේඛකාධිකාරී හා සභාපති ස්වාමීන් වහන්සේ ලා ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම සාකච්ඡාවේදී ශාසනික, ආගමික හා සාමාජීය ප්‍රගමනය වෙනුවෙන් කරුණු රැසක් පිළිබඳව සාකච්ජා කරන ලදී.මෙහිදී ම දහම් පාසල් පැවැත්වීම සඳහා බාධාවක්ව පවතින පෞද්ගලික උපකාරක පංති ඉරිදා දිනවල පැවැත්වීම, මධ්‍යම පළාතේ නිරවුල් නොවූ විහාරස්ථානවල ඉඩම් නිරවුල්කර කිරීම, වෙසක්, පොසොන් හා ඇසළ යන ප්‍රධාන පොහොය දිනයන් වලදී දන්සල් තොරන්න් හා විවිධ සැණකෙළි පොහොය දිනයට පසු දින පැවැත්වීම , මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලාගේ රාජකාරී කටයුතු පහසු කිරීම සඳහා පහසුකම් සැපයීම, දහම් පාසල් ගුරුවරුන්ගේ සේවය ඇගයිම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, දහම් පාසල් සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රවර්ධනය කිරීම, ආගමික සහජීවනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල දායකත්වය ලබාගැනීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මාධුපානි පියසේන, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, බෞද්ධ කටයුතු කොමසාරිස් අනුරුද්ධ හේම බණ්ඩාර, සංස්කෘතික අධ්‍යක්ෂ ඉනෝදනී තඹ විට , ආණ්ඩුකාර සහකාර ලේකම් චාමර අලහකෝන් යන මහත්ම මහත්මීන්, මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික් නියෝජනය කරමින් අතිරේක හා සහකාර දිස්ත්‍රික් ලේකම්වරුන්, සංස්කෘතික නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
