මිරිදිය  ධීවරයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ මාතලේ දිස්ත්‍රික් පුහුණු වැඩමුළුව ඉබ්බන්කටුව ජලාශ පරිශ්‍රයේදී

මිරිදිය ධීවරයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ මාතලේ දිස්ත්‍රික් පුහුණු වැඩමුළුව ඉබ්බන්කටුව ජලාශ පරිශ්‍රයේදී

මිරිදිය ධීවරයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ මාතලේ දිස්ත්‍රික් පුහුණු වැඩමුළුව ඉබ්බන්කටුව ජලාශ පරිශ්‍රයේදී මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මිරිදිය ධීවර අංශය මගින් සංවිධානය කරන ලද ධීවර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ වැඩසටහන සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පැවැත්වූ මිරිදිය ධීවරයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ මාතලේ දිස්ත්‍රික් පුහුණු වැඩමුළුව පසුගිය 11 වනදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ ඉබ්බන්කටුව ජලාශ පරිශ්‍රයේදී පැවැත්විණි.මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනම නියෝජනය වන පරිදි වැඩසටහන් තුනක් පැවැත්වූ අතර මහනුවර දිස්ත්‍රික්කයේ වික්ටෝරියා ජලාශය ආශ්‍රිතවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ජලාශයේ ආශ්‍රිතවත් එම පුහුණු වැඩසටහන් පැවැත්විණි.මිරිදිය ධීවරයන්ට ධීවර කර්මාන්තයේ යෙදෙන අවස්ථාවල සිදුවන ජලයේ ගිලීම් හා හදිසි අනතුරුවලින් සිදුවන ජීවිත අවදානම අවම කර ඔවුන්ගේ ජීවිතාරක්ෂාව ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි. ඒ අනුව ප්‍රථමාධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ජලයේ ගිලෙන පුද්ගලයන් බේරා ගැනීමේ සිට රෝහල්ගත කරන අවස්ථාව තෙක් ධීවරයන් දැනුවත් කිරීම සිදු කෙරිණි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජීවිත ආරක්ෂක අංශයේ හා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සහයෝගය ඇතිව මාතලේ දිස්ත්‍රික්කයේ ධීවර සමිති සම්බන්ධ කරගනිමින් පැවැත්වූ මෙම වැඩසටහනට මාතලේ දිස්ත්‍රික්කයේ ධීවර සමිතිවල නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook