මහනුවර අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් ඇගයේ

මහනුවර අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් ඇගයේ

මහනුවර අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් ඇගයේ මහනුවර අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් ඇගයීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ‍ප්‍රධානත්වයෙන් මහනුවර හිල්වුඩ් විද්‍යාලයිය ශ්‍රවණාගාරයේදී (18) පැවැත්විණී.මහනුවර කලාප අධ්‍යාපන කාර්යාල විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ දී 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ගුණාත්මක සහ ප්‍රමාණාත්මකව දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්වීමට සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිඵල ඉහළ නැංවීමට දැක්වූ දායකත්වය මත කලාපයේ විදුහල්පතිවරුන් ඇගැයීම සිදු කෙරිණි. මීට සමගාමීව කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්ද ඇගැයීමට ලක් විණී. මෙම උත්සවයේදී මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය වෙනුවෙන් නිර්මාණය කරන ලද වෙබ් අඩවිය උඩුගත කිරීමද සිදු කෙරිණී.මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා, මෙම අවස්ථාවේදී අදහස් දක්වමින්, විභාග සහ දැනුම කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බවත් ඒ සඳහා වත්මන් රජයේ අවධානය යොමුකරමින් කටයුතු කරන බවත් පැවසීය. අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානයට මහනුවර කලාපය පත්වීම පිළිබඳව සතුටු වන බවත් එම ජයග්‍රහණය සඳහා දායකත්වය ලබාදුන් විදුහල්පතිවරුන්, සිසු දරුවන් ඇතුළුව සියලු දෙනා වෙත ස්තුතිය පළ කරන බවත් මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සදහන්කළේය.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) එම්. ඒකනායක, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ යන මහත්ම මහත්මීන් සහ කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරින්, විදුහල්පතිවරුන් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook